(නිමන්ති රණසිංහ)

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් ලක්ෂ හැට අටකට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ අස්ථානගත වීමේ සිද්ධියට අදාළව එහි නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ලෙස කටයුතු කළ අධිකරණ ලිපිකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අදාළ නඩු භාණ්ඩ අස්ථානගත වන අවස්ථාවේදී මෙම සැකකාර ලිපිකරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ලෙස රාජකාරි කටයුතු කරමින් සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.