(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ විදේශීය නිෂ්පාදිත ගිනිඅවි සහ හෙරොයින් සොරාගෙන ගොස් ඒ දකුණේ ක්‍රියාත්මක පාතාල කල්ලිවලට රුපියල් ලක්ෂ ගණනකට විකුණා ලැදයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ බහුකාර්ය සංවර්ධන සහායකයකු ඊට අනුබල දුන් අයකු ඇතුළු තිදෙනෙක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු විසින් පෙරේදා (02) අත්අඩංගුවට ගනු ලැබූහ.
සොරාගන්නා ලද ගිනි අවි සහ හෙරොයින් විකිණීමට ආධාර අනුබල දුන් බව පැවසෙන තවත් සැකකරවෙකු නඩු බඩු කාමරයෙන් සොරාගත් විදේශීයේ නිෂ්පාදිත රිවෝල්වරයක් රුපියල් දෙලක්ෂ අසූ දහසක මුදලකට මිලදී ගත් බව කියන ධීවර බෝට්ටු හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඔහු සන්තකයේ තිබී එම රිවෝල්වරය ද පොලිස් බාරයට ගෙන ඇත.
මේ අතර පාතාලයට සම්බන්ධ යැයි කියමින් අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී සොයා ගත් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවිය ද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයෙන් සොරා ගන්නා ලද එකක් බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි එම නිලධාරියා කීය.
එම ගිනි අවිය යොදාගෙන දික්වැල්ල ප්‍රදේශයේ දී මිනිස් ඝාතනයක් සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
එම ගිනි අවිය රුපියල් එක්ලක්ෂ පනස් දහසක පමණ මුදලක සැකකාර බහු කාර්ය සංවර්ධන සහායකයාගෙන් මිලදී ගෙන ඇති බවත් ඒ සඳහා තිස් දෙහැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් සැකකරයකු ද හවුල් වී ඇති බවත් පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි කියති.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබී ගත් බව කියන විදේශීය නිෂ්පාදිත තවත් ගිනි අවි දෙකක් දකුණේ පාතාල කල්ලි සාමාජිකයන්ට රුපියල් ලක්ෂ ගණනකට මුදලකට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ගිනි අවි මිලදී ගත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ පවත්වයි.
මේ අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ හෙරොයින් මත් ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් අස්ථානගතවී ඇති බවට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල ධම්මික මහතා සහ උප පොලිස් පරීක්ෂක සංජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්බ කර ඇත.
නඩු බඩු කාමරයේ තිබූ ගිනි අවිද සොරාගෙන ගොස් පාතාලයට රුපියල් ලක්ෂ ගණනක විකුණා ඇති බවට තොරතුරු අනාවරණය එම විමර්ශනයේදීද අනාවරණය කරගැනීමට හැකි විණි යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයෙන් හොරා ගෙන ගොස් තිබූ හෙරොයින් පාර්සල් දෙක රුපියල් එක්ලක්ස පනස් දහසක පමණ මුදලකට විකුණා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි එම පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
සැකකාර බහු කාර්ය සංවර්ධන සහායකයාගෙන් හෙරොයින් මිලදී ගත් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර සහ මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ මෙහෙයුම යටතේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල ධම්මික මහතා සහ උප පොලිස් පරීක්ෂක සංජීව මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
සැකකරුවන් තිදෙනා දින 7ක කාලයක් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන පරීක්ෂණ පවත්වාගෙන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවෝ දික්කවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඩු බඩු ගබඩාවේ ගිනි අවි වික්ක තුනක් මාට්ටු