(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාදවීම වැළැක්වීම සඳහා ඉදිරි දින කිහිපය තුළදී නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අද (5) පැවසුවාය.
අතුකෝරල මහත්මිය ඒ බව පැවසුවේ අද මාතලේ නව මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මහාධිකරණය විවෘත කෙරිණි.
“අධිකරණයේ ස්වාධීනත්වය වැදගත්වෙන්නේ බලය නැතිවිට නෙවෙයි, බලයේ සිටිනවිටයි. ඒ සඳහා අපට විශාල වැඩ කොටසක් කරන්න වුණා. අධිකරණයට තිබූ නොයෙකුත් බලපෑම් ඉවත්කරන්න අපට හැකිවුණා. විනිශ්චයකාරතුමන්ලාට නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අප අමාත්‍යංශය යටතේ තිබෙන හැම ආයතනයක් සඳහාම ස්වාධීන තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය අවස්ථාව ලබා දුන්නා.
අපේ සමහර පනත්වල තිබෙන පුංචි ගැටලු නිසා සමහර මිනිස්සු දන්නේ නැහැ. මහාධිකරණයෙන් ඇප ගැනීමට තිබෙන අවස්ථා ගැන. ඒ නිසා මම ඉදිරි දින කිහිපය තුළ නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා. ඒ තුළින් ජනතාවට තම නඩු කටයුතු පහසුවෙන් කර ගැනීමේ අවස්ථාව උදාවෙයි.
අපේ අහිංසක ජනතාව බොහෝ කාලයක් මහේස්ත්‍රාත් අධිකරණ තුළ කාලය ගත කරනවා. ඔවුන්ගේ මුළු සේසතම අහිමිවෙනවා. මෙම පනතෙන් ඊට විසඳුමක් ලැබෙයි. අපේ රටේ නඩු ප්‍රමාදවීම් වැඩියි. මේ වනවිට නඩු 750,000ක් පමණ පවතිනවා” යැයි අමාත්‍යවරිය සඳහන් කළාය.
කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්තික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක හා වනජීවි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ යන මහත්වරු,පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි විජේරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු ප්‍රමාද වීමට බලපාන තව කරුණු තියනවා. ඕනෑම උසාවියකට ගිහිල්ලා බලන්නකෝ කිසිම ලියකියවිල්ලක පිටපතක් ගන්න පුළුවන්ද කියලා... සම්තින් නැතිනම් නතින්ම තමා. මේ කියනදේ නිතීඥ මහත්වරුන් විසින්ම සනාථ කරයි. සේවක උනන්දුව සහ තම සේවයේ විශිෂ්ටභාවය අගය කරන සේවක පිරිසක් ඇතිකළොත් ඔය වැඩේ තවත් ලෙහෙසි වෙයි. නීති හා පනත් වලින්ම පමණක් කාර්යක්ෂමතාවය වැඩි කළ නොහැක.
ඔව් ඔව් ඉක්මණට ගේන්න. නැතිනම් ගෝඨා ඡන්දෙකට කලින් කොටු කරගන්න බැරි වේවි කියලා රනිල් හාමු බයවෙලා ඇත්තේ.
හ්ම්.. එක එක නැට්ටුවා කරලියට වඩින්නේ.. ඡන්ද උණුසුම එනකොට තමයි තමාට කරන්න තිබුණේ මොනවද කියලා මතක් වෙන්නේ..? සූත්තර පුංචා කියන්න ඇති කට්ටියට ලොකු ලොකු කතා ටිකක් කියන්න මිනිස්සුන්ගේ බොක්ක උණුවෙන්න.. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත වැඩිපුර ගෙවන්නේ එක්කෝ රෝහල්වල නැතිනම් උසාවිවල. නීතිඥයින්ගේ මනාපෙට තමයි නඩු වැඩ කරන්නේ. මොකක් හරි බොරුවක් අමුණලා කාලෙ දික් ගස්සන නඩු කොච්චර නම් තියෙනවද..? රටේ නීතියක් නැතිවා මදිවට තියෙන පන්දලම වගේ වැනෙන නීතියේත් තල්මසුන්ට රිංගන්න පුළුවන් හිල්... අහුවෙන්නේ හාල් මැස්සෝ විතරයි. මේ හාමිනේට බුලත් විට වගේ හප හපා ඉන්න පුළුවන් මාතෘකාවක් ලැබුණු එකට හරි සතුටු ඇති. අවුරුදු 4ක් තිස්සේ මහා ලොකු වෙනසක් කළා නම් නඩු 750,000ක් විතර එකතු වෙන්නේ කොහොමද? අපිත් මේ ගොල්ලෝ වගේ රට තණකොළ කනවා කියලා හිතන් ඉන්නවා ඇති..
නඩු නිසා මිනිසුන් මේ තරම් රස්තියාදු වෙන රටක් ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති. මේ නඩු 750,000 ඇදීගෙන යනවිට වාසිය පෙරකදෝරුවන්ටයි. මිනිසුන් නිකම් උසාවි ගානේ රස්තියාදු වෙන එක විතරයි වෙන්නේ. දිග ඇදෙන පැරණි නඩු ගාස්තු නොගෙවා ඉල්ලා අස් කරගන්නට අවකාශයක් ලබාදෙන්න.
අර සිංගප්පූරුවේ පණ අදිමින් ඉන්න මහත්තයාගේ නඩු ඇයි අනේ කල් යන්නේ...? විභාග කරන්න ඉන්න මිනිස්සු ඉල්ලා අස්වෙන්නෙත් ඇයි අනේ? අර මගේ නෝනා තමයි දන්නේ කිව්වා පගා මාමටත් එහෙමයිනේ. බයටද, සල්ලිවලටද? යාලුකමටද? පොල් ගෙඩියක් හොරකම් කරපු මනුස්සයාට එක විදියක්... කෝටි ගණන් ගත්තු මාමට තව විදියක්....
නඩු ප්‍රමාද වීමට හේතු දන්නෙම නැද්ද? කෙළවරක් නැතුව දින ඉල්ලන කළු කෝට් කට්ටියගේ වැඩ කිඩ තමයි අංක එක. උදේ නවය හමාර දහයට නඩු පටන් අරන් පැය දෙකතුනකින් ඉවර කරන එක අනික් කාරණේ. රස පරීක්ෂක වාර්තා අර වාර්තා මේ වාර්තා කවදාවත් වෙලාවට නොලැබෙන එක ඊ ලඟට. ලැයිස්තුව දිගයි.
මේ නැට්ට ගිනිගත්ත වගේ හදිසියේම මේවා කිරීමට යන්නේ කිනම් හෝ යටි අරමුණක් ඇතිව බව නම් පැහැදිලිය. මේවා කිරීමට තිබුනේ මේ කට්ටිය දියවන්න ඔය කැලෑවට පැමිණි විගසම නොවේද ???
පක්ෂේ බදාගෙන රට ගැන හිතන්නේ නැතුව බොරු ප්‍රකාශ දිදී ජනතාව රවටන තලතා ගැන කණගාටුයි. අඩු ගානේ මැරුණ සහෝදරයා වන ගාමිණී අතුකෝරල මහත්මයාටවත් ලැජ්ජා නොකර ගෙදරට වෙලා හිටියා නම් තමයි හොඳ...
ලංකාවේ තියෙන්නේ රෝම ලන්දේසි නීතිය. හැබැයි දැන් රෝමයේවත් ලන්දේසින් අතරවත් මේ පරන හණමිටි නොගැලපෙන නීති නැහැ. ඒ අය ලස්සනට අදට ගැලපෙන විදියට නිති හදාගෙන ජිවත් වෙනවා. අපි හරි නිදහස් කිව්වට අදට, රටට, අපේ මිනිස්සුන්ට ගැලපෙන්න නිතියක් හදන්නේ නැහැ. ක්‍රිස්තු පූර්ව ගණන් වල නිති තියාගෙන නඩු අවුරුදු ගනන් ඇද ඇද අසරණ මිනිහා තවත් අසරණ කරමින් ඉන්නවා. අපේ රටේ දික්කසාදයක් ගන්න හේතු 3 යි තියෙන්නේ. ඒ හේතු ඔප්පු කරනවා තියා කාටහරි කියන්නත් ලැජ්ජ හිතෙන ඒවත් තියෙනවා. සමික්ෂණයක් කරලා බලන්න “අනියම් සබදතා “ කියන එක ඔප්පු කරලා කී දෙනෙක් දික්කසාදය අරගෙන තියෙනවද කියලා? එකට ඉන්න බැරිනම් වෙන්වෙන්න තියන අවකාශය අහුරලා මිනිස්සුන්ගෙ මානව අයිතියත් උල්ලංගනය කරලා තියෙන්නේ. සමහරු ලෙඩ තියෙන අයව බොරු කරලා රවට්ටලා බන්දලා දෙනවා. සමහර ගැහැණූ/පිරිමි උදේ සිට රෑ වෙනතුරු රන්ඩු කරනවා. දරුවන්ට වද දෙනවා. වයසක අසරන දෙමව්පියන්ට වද දෙනවා. නිදහසේ ගෙදර ඉන්න, රස්සාව කරගෙන ඉන්න දෙන්නේ නැහැ. සමහර ගැහැනු /පිරිමි අනෙත් කෙනාට නිදහස් වෙන්න දෙන්නේ නැහැ. අපේ නිතියත් උදව් කරන්නේ ඒවගේ අයටමයි.
ඉගෙනගෙන ඉවරවෙලා වයස 30 ක් විතර ගිහිල්ලා බැඳලා එකට ඉන්නම බැහැ කියලා 35-40 දී විතර තේරිලා නීත්‍යනුකූලව දික්කසාදයක් ගන්න ගියාම අවුරුදු 500ට මෙහෙදි නම් ගන්න අමාරු බව තේරෙනවා. නීති තද කළයි කියලා නොගැලපෙන එකට ඉන්නම බැරි ජෝඩු යාළු කරන්න බැහැ... මිනීමැරුම් රටේ වැඩි වෙන එක විතරයි වෙන්නේ... වැරැද්ද තියෙන කෙනා තමයි අනෙත් කෙනාට දික්කසාදය නොදී ඇද ඇද වදදෙන්නේ.... අපේ නීතියත් ඒකටම ගැලපෙනවා. ඉඩම් නඩු වුණත් එසේමයි. වැරැද්ද ඇති කෙනාට නඩුව ඇදෙන එක වාසියි. මේක තේරෙන්නේ නැහැනේ නීති විශාරදයින්ට...
පනත් ගෙන්නලා ඕවා කරන්න බැහැ, අඩුම තරමේ එක මහේස්ත්‍රාත් අධිකරණයකට මහේස්ත්‍රාත්වරු දෙන්නෙක් වත් පත්කරලා ඔවුන්ට අපරාධ, රථවාහන, විදිහට විෂයන් බෙදලා දෙන්න ඕනේ. නැත්නම් මේ ප්‍රශ්නේ විසදන්න බැහැ