
(අංජුල මහික වීරරත්න)
නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය විශේෂිත ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර බහළු පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය සහිත බහළු පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස 2021-02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව අදාළ සිවිල් වැඩ සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇති අතර, ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.
එසේම එකී බහළු පර්යන්තය සඳහා අවශ්‍ය දොඹකර මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය ද මේ වන විට පිරිනමා තිබෙන බව රජය පවසයි.
කොළඹ වරායේ පුද්ගලික පර්යන්ත මෙහෙයුම් කරුවන් සහ සේවා සැපයුම්කරුවන් හට උපාය මාර්ගික සංවර්ධන පනත සහ ආයෝජන මණ්ඩල නීතිය යටතේ විවිධ බදු සහන ලබා දී ඇත.
එම කරුණු ද සැලකිල්ලට ගනිමින් නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය '' විශේෂිත ව්‍යාපෘතියක් " වශයෙන් මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක විදිහට නම් ගෝඨා සමඟ විමල් සහ උදය ගම්මන්පිල විරසක වුණේ මෙතනදී. ඔවුන් ගෝඨා ඒකාධිපති ලෙස අදානිට හෝ වෙනත් ඉන්දියානු සමාගමකට නොසොයා නොබලා නැගෙන්හිර ජැටිය දෙන්න ගිය එකට විරුද්ධ වුණා ලංකාවේ අයට මේ රැකියා අහිමි වෙන නිසාත් ඒ වෙලාවේ මේ ජැටියේ වැඩ ලංකාවේ රජය මඟින් ඉතා හොඳින් ගෙන ගිය නිසාත්. ගෝටා ඔවුන් දෙදෙනාගේම ඇමතිකම් අහිමි කරා ඒ නිසා. එතනින් තමයි ගෝටාගේ පාලනයේ අවසානය ආරම්භ වුණේ.