(රංජන් කස්තුරි)
තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සංවිධානය කරන නැගෙනහිර කලාපීය තාක්ෂණ දැනුම ලබාදීමේ වැඩසටහන හෙට (26) ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණයේ පුරෝගාමී ආයතනය වන තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සංවිධානය කරන හතරවන කලාපීය සමුළුව මෙය වේ.
රාජ්‍ය නිලධාරීන්, විදුලි සංදේශ නිලධාරීන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු නිලධාරීහු රැසක් මෙම වැඩසටහනට සහභාගි වෙති.
තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ඕෂධ සේනානායක, ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී. හේරත් ඇතුළු නිලධාරීන් පිරිසක් ඊට සහභාගිවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd