
(විමුක්ති එස් රුද්‍රිගු)
මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල පෙර දිනට සාපේක්ෂව තවත් දුර්වල වී ඇත .
ඒ අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 318.99 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 303.19 ක් ලෙස සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟදිම තවත් බහියි.
ආදායම් වැඩි කරගන්න සැලසුම් නැතුව ආනයන සීමා සියල්ල ඉවත් කරනකොට ඕක වෙනවා. ඒ අස්සේ සියල්ල දත් මුදල් ඇමැති ඉතිහාසය අලුතින් උගන්නන්න හදනවා...!
අත්‍යවශ්ය නොවන භාන්ඩ වල ආනයන සීමා ලිහිල් කරෙ වෙන වෙන වාසි තකා...වි්‍යපාරික මිතුරන්ගෙ වුවමනාවට...දැන් ඉතින් උද්ධමනය ට්‍රිපල් වෙනව. සියඹලපිටිය දැන් සියඹලත් රටින් ගෙන්වන්න අවසර දේවි.
නැග්ග බැස්ස සියබලා ගහට
නගින්න ගියතරම් වෙලා යන් නෑ බහින්න...
ඩොලරයේ වැඩිවිම අපනයන කර්මාන්තවලට වාසියක් වී රැකියා අවස්ථා බිහිවෙයි. විදෙස් විනිමය රට තුළට ඒම වැඩිවේ. රුපියලේ අගය වැඩිවිමෙන් පාරිභෝගිකයාට වැඩි සහන අත්වුයේද නැත.
හරි...
සිල්වා මහතා නිවැරැදියි. අසරණ තේ ගොවියා කබලෙන් ලිපට... අමුදළු කිලෝව රුපියල් සියයකින් අඩුවුණා. පෝර මිල එතැනමයි. මේ සෙප්පඩ විජ්ජාවලින් රටම අමාරුවේ...
නගිනවා, බහිනවා. අද නැග්ග නැගිල්ලට ලොකු ගාණක් දීලා සල්ලි මාරුකළා... දැන් කෙලවෙලා ඉන්නේ... අපි බහින කලාවේ ඉන්න එකේ ඕක බස්සලාම දාන්න බැරිද?
ආනයනය සීමා ඉවත් කිරීම මෙයට හේතුවයි. ආනයනය පහසුකම සැලසු භාණ්ඩ ගොඩේ රූපලාවර්ණ බහාන්ඩ් චොකලට්, යෝගට් පවා තිබුනා දැක්කා. බෙහෙත්, වාහනඅමතර කොටස්, කර්මාන්ත සඳහා මුල ද්‍රව්‍ය වැනි ඉතාමත් අවශ්‍ය බාන්ඩ පමණක් ආනයනය කර අපේ විදේශීය සංචිත රැකගමු.
භාණ්ඩ කීපයක ආනයන සීමා ලිහිල් කිරීමත් සමග රුපියලේ විදේශ අගය පහත වැටී ඇත. තවතවත් ආනයන සීමා ලිහිල් කළොත් විනිමය අනුපාතය එනම් රුපියලේ පිරිහීම වැළැක්විය නොහැකිය. රුපියල කෙටිකලක් තුළ විශාල ලෙස උස්පහත් වීමෙන් පෙන්නුම් කරන්නේ අපේ ආර්ථිකයේ අස්ථාවර බවයි...
ඔක මොඩ රනිල් ට තෙරුනෙ නැති උනාට අපි නම් දැනගෙන හිටිය. නය වලින් පිරිල ඉන්නකොට, තවත් නයක් අරගෙන තප්පුලපු එකම නායකය රනිල්. පිස්සන්ට තනතුරු දුන්නම ඔක තමයි වෙන්නෙ.