IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නිකන් දුන්න හාල් සජබ සංවිධායක විකුණලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට නොමිලේ බෙදා දීමට රජය මගින් දුන් සහල් තොගයකින් කොටසක් සමග ජනබලවේගයේ වල්පාළුව කලාප සංවිධායකයා හොර රහසේ අලෙවි කර ඇති බවට වල්පාළුව සමෘද්ධිලාභීහු චෝදනා කරති.

අඩු ආදායම්ලාභීන් වෙත බෙදාදීමට රජයෙන් කිලෝ 10 බැගින් වූ උරවල අසුරා තිබූ සහල් තොගයක් මෙසේ වල්පාළුව සජබ කලාප සංවිධායකයාගේ නිවසේ දී බෙදා දී ඇති අතර, එහිදී ඉතිරි සහල් තොගය රහසේ මෙසේ විකුණා ඇති බවත් ඔවුහු පවසති.

මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අංක 658 ඒ ග්‍රාම නිලධාරි වසමට අයත් වල්පාළුව ගම්මානයේ මෙම සිද්ධිය වී ඇති බව සමාද්ධිලාභීහු සඳහන් කරති.

කෙසේ වෙතත් එම සිද්ධිය දැනගත් වල්පාළුව සමෘද්ධි නිලධාරිවරයා මේ පිළිබඳව සජබ කලාප සංවිධායකවරයාගෙන් විමසා ඇති අතර ඔහු එය සනාථ කරගෙන ඇති බවත් පසුව සහල් විකුණූ ස්ථානවලට ද ගොස් එය තවදුරටත් තහවුරු කරගෙන ඇති බවත් කියති.

පසුව එම සහල් තොගය අලෙවි කළ ස්ථානවලින් සහල් නොලැබීම හේතුවෙන් වෙනත් සහල් තොගයක් ලබා දීමට අදාළ පර්ෂ ද සංවිධායකවරයා කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

මෙම සිද්ධිය පිළිබඳව විමසීමේ දී මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් ලක්ෂිකා මිගෙල්ලආරච්චි මහත්මිය පැවසුවේ අදාළ පුද්ගලයා එම සහල් තොගය ලබාදුන් බවත්, එම සිද්ධිය ඉන්පසුව අවසන් වූ බවත්ය.

මේ පිළිබඳව ඉදිරි පරීක්‍ෂණයක් සිදුවනවාදැයි කළ විමසීමේ දී ඇය කීවේ එවැනි පරීක්‍ෂණයක් අවශ්‍ය නොවන බවත්, අලෙවි කර තිබූ සහල් වෙනුවට වෙනත් සහල් තොගයක් ලබාදීමෙන් පසු සිද්ධිය අවසන් කළ බවත්ය.

මෙම චෝදනාව එල්ලවන සජබ වල්පාළුව කලාප සංවිධායක අනුර බණ්ඩාර අබේසිංහ මහතාගෙන් කළ විමසීමේ දී ඔහු කීවේ එවැනි දෙයක් සිදුවී නැති බවයි.

 



අදහස් (4)

නිකන් දුන්න හාල් සජබ සංවිධායක විකුණලා

Perera Tuesday, 23 May 2023 12:22 AM

මෙහෙම එවුන්ටත් සජබෙන් නාම යෝජනා දෙනවානම් සජබෙන් වැඩක් තියනවද ?

:       0       2

ලුම්බිණි Tuesday, 23 May 2023 05:16 AM

"ප්‍රාදේශීය ලේකම් ලක්ෂිකා මිගෙල්ලආරච්චි මහත්මිය පැවසුවේ අදාළ පුද්ගලයා එම සහල් තොගය ලබාදුන් බවත්, එම සිද්ධිය ඉන්පසුව අවසන් වූ බවත්ය." මෙන්න නියම නිලධාරින්. හොරකම විනෝදෙට කරලා වගෙයි. සමහරවිට පාර්ලිමේන්තු යන්න ඉස්සරවෙලා පුහුණුවක් වෙන්න ඇති.

:       0       3

ravin Tuesday, 23 May 2023 06:05 AM

ඉස්සර කිවුවේ අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ කියලා.දැන් කියන්න වෙලා තියෙන්නේ මුන් ඔක්කොම හොරු කියලා

:       0       1

Lalla Tuesday, 23 May 2023 08:06 AM

කිසිම දෙයක් නිකම්ම දෙන්න ඕන නෑ. දූෂණයට මුල....රටක් ගොඩ ගන්න නම් සෑම අයෙක්ම වැඩ කරන්න ඕන. පින්පඩිකාරයන් කියන්නේ පිළිකාවක්....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site