IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නා උයනේ අනතුර ගැන රනිලුත් දුක් වෙයි

(අංජුල මහික වීරරත්න)

මැල්සිරිපුර පන්සිය ගම නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වී වදාළ දෙස්-විදෙස් භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වික්‍රමසිංහ මහතා මෙසේද කියයි.

අනතුරින් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන භික්‍ෂූන් වහන්සේලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

සසර දුක කෙළවර කරගැනීම උදෙසා වනගතව බවුන් වැඩූ උන්වහන්සේලා නික්ම ගියේ බුදුන් වහන්සේ දේශනා කරන ලද අනිත්‍ය දහම පසක් කර දෙමිනි. 

උන්වහන්සේලා පැතූ නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.



අදහස් (4)

නා උයනේ අනතුර ගැන රනිලුත් දුක් වෙයි

ගුණරත්න Thursday, 25 September 2025 05:35 PM

තවම රජයේ ශෝක ප්‍රකාශය දැක්කේ නැහැ... විපක්ෂයේ සියලු නායකයින් තමන්ගේ ශෝකය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒත් ආණ්ඩුවේ එකෙක්වත් නැහැ.

:       13       6

ගුණරත්නFriday, 26 September 2025 01:45 PM

තවමත් රජයේ ශෝක ප්‍රකාශයක් නැහැ, කිසිම ප්‍රවෘත්තියක් නැහැ. වෙනත් රටක මෙහෙම අනතුරක් වුනා නම් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරලා එවැනි අනතුරු නොවන්න පියවරත් ගන්නවා.

:       3       0

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 25 September 2025 06:19 PM

ඔබතුමාටත් එම නිර්වාණ සුවය ඉක්මණින්ම ලැබේවායි ප්‍රාර්ථනා කරමු

:       0       1

Priyantha Dissanayake Thursday, 25 September 2025 06:55 PM

පරියාප්ති , ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනය නියෝජනය කරමින් ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සහ පරමාදර්ශීව මහත්වූ වීර්යයෙන් ශාසන ප්‍රතිපදාවෙහි නිරත වූ මහෝත්තමයාණන් අනපේක්ෂිත අවස්ථාවක අනපේක්ෂිත අනතුරකට ලක්ව හදිසියේ අපවත් වූවේ සම්බුදු දහමේ හරය වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම මොනවට පසක් කරදෙමිනි. අපවත්වී වදාළ ගෞරවණීය පූජණීය උතුමන්වහන්සේලාගේ ප්‍රාර්තණීය බෝධිය බොහෝදුර නොවේවා...! උතුම්වූ නිර්වාණාවබෝධය වේවා.. ! අනන්ත වූ තුණුරුවන් ගුණානුභාවයෙන් ප්‍රතිකාර ලබන්නා වූ ගෞරවණීය පූජණීය ස්වාමීන්වහන්සේලාට ඉක්මන් සුවය ලැබේවා..! දීර්ඝායුෂ වේවා..! සාදූ ..! සාදූ ..!! සාදූ ...!!!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site