(විමුක්ති එස් රුද්‍රිගු)
ධවල මන්දිරයේ තිබී සැකසහිත සුදු වර්ණයෙන් යුත් කුඩු වර්ගයක් සොයාගැනීම හේතුවෙන් එහි සේවය කළ කාර්ය මණ්ඩලය කෙටි කාලයකට ධවල මන්දිරයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපද රහස් ඔත්තු සේවය කටයුතු කර තිබේ.
එක්සත් ජනපද රහස් ඔත්තු සේවය විසින් මෙම සැක සහිත කුඩ සොයා ගනු ලැබ ඇත.මේ පිළිබඳ රහස් ඔත්තු සේවය මෙන්ම ආරක්ෂක අංශද වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.සිද්ධියට ප්‍රතිචාර දැක්වීමට පැමිණි ගිනි නිවන භටයන්ගේ හඬ පටයට සහ විමර්ශන පිළිබඳ දැනුමක් ඇති නිලධාරීන්ට අනුව එම සැක සහිත සුදු වර්ණයෙන් යුත් කුඩු වර්ගයෙහි කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු බවට මූලික පරීක්ෂණයේදී තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම සුදු වර්ණයෙන් යුත් කුඩු වර්ගය ධවල මන්දිරයට පැමිණියේ කෙසේද එය සැබැවින්ම කුමක්ද යන ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම සඳහා රහස් ඔත්තු සේවය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි එහි ප්‍රකාශකයකු පවසා තිබේ.මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ නොසිටි බව රහස් ඔත්තු සේවා ප්‍රකාශකයා මාධ්‍යවෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පරණ යාලුවා ගේද ?මමනම් ඕවා පාවිච්චි කරා කියලා මාධ්‍ය තුලින් දුටුවා
නිතරම මාද්‍ය හමුවෙ පෙනි සිටින කාර්ය මන්ඩලයෙ, කවුරුන් හරි මාද්‍ය සාකච්චවට පෙර ගැම්මක් ගන්ටත් එක්ක ටිකක් නහයෙන් උරල ඉතුරුටික මුහුනට ආලෙප කරන්ට ගෙනවා රූපලාවන්ය සදහා භවිතා කරන පුයර වර්ගයක් වත්ද.