
( අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය,කෝණේස්වරන් මුහුදේ දී සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට ගිය නාවික හමුදා මුර යාත්‍රාවක සිටි නාවික භටයකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාව පැමිණිල්ලක් කළ බව ත්‍රිකුණාමල වරාය පොලීසිය කියයි.
මුහුදේ නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා යොදවා තිබු මුර සංචාරක යාත්‍රාවක සිටී නාවික භටයන් සැක කටයුතු ධීවර බෝට්ටුවක් පරීක්ෂා කිරීමට යෑමේදී බෝට්ටුවේ දැල්වලට යොදා තිබූ ඊයම් බරු සහ ගල් වලින් එම නාවික භටයන් දෙදෙනෙකුට පහරදී ධිවර බෝට්ටුව පලා ගොස් තිබුණි.
නිලාවේලි විජයබා නාවික කඳවුරේ නාවික භටයෙක් මෙලෙස තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබයි .
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිකුණාමල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
ඒ කාලේ කොටින්ගෙ නැව් වලට ජාත්‍යන්තර මුහුදේ එලවා ගොස් පහර දී විනාශ කල නාවික හමුදාවකුත් තිබුණා, වගේ යාන්තම් මතකයි .
එහෙම කළේ විදේශීය රටවලින් සහ විදේශීය නාවික හමුදාවන්ගෙන් ලැබුණු ඔත්තු නිසයි. හරියට පාස්කු බෝම්බේ ගහන ඔත්තුව ඉන්දියාව කල් ඇතුව දුන්නා වගේ...
ඒ කාලේ එහෙම යුද්ධ කරේ කොටි එක්ක. දැන් සාමාන්‍ය ජනතාව එක්ක වගකීමක් තියන මිනිස්සු විදිහට අනුගමනය කරන ක්‍රමය වෙනස්. හමුදාවක් කිව්ව පලියට ඔවුන්ට ගහන්න බෑ... නීතියක් කියලා දෙයක් තියන නිසා. නාවික හමුදාව කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන තැන නෙවෙයි. ඒකට පොලිසිය කියලා දෙයක් තියන බව අපිට නම් අමතක නෑ. අපි නීතිය ආරක්ෂා කරන්න සහාය වෙන පිරිසක් විතරයි. හමුදාවක හතරකොන දිහා හරියට බලන්න බැරි වුණු කෙනෙක් උඩින් පල්ලෙන් බලලා අවඥාවෙන් කතා කරන එක විහිළු සහගතයි...