
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලික සරසවියක සිසුවකු සහ ඔහුගේ මිතුරකු ගමන් ගත් යතුරුපැදියක් අද දහවල් බණ්ඩාරගම වැල්මිල්ල හන්දියේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
පොල්ගස්ඕවිට මොරෑද ප්‍රදේශයේ පදිංචි සරසවි සිසුවා තවත් මිතුරකු සමග බණ්ඩාරගම කිඳෙල්පිටිය ප්‍රදේශයේ ගරාජයකට යාම සඳහා පාලගම මාර්ගයේ පැමිණ බණ්ඩාරගම කැස්බෑවට මාර්ගයෙන් වැල්මිල්ල හන්දියට යතුරුපැදිය යොමු කිරීමත් සමගම මෙම ගින්න ඉන්ධන ටැංකිය ආසන්නයෙන් හටගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගින්න හටගන්නා අවස්ථාවේදී සරසවි සිසුවා හා මිතුරා යතුරුපැදියෙන් පිටතට පැන වැලි ගසා ගින්න නිවා දැමීමට උත්සාහ දැරුවද එය විවර්ත වී යතුරුපැදිය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd