IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ධීරානන්දයේ කලා මංගල්‍යය

මහනුවර පිළිමතලාව හැරමිටිගල ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේ 8 වැනි කලා මංගල්‍යය ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලැත්තෙන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා එම විද්‍යාලයේදී පැවැත්විණ.

ආදිවාසීන්ගේ සාම්ප්‍රදායක ශාන්තිකර්මයක් වන කිරි කොරහා නැටුමෙන් විද්‍යාලයේ දූ දරුවන් ඇතුළු සපැමිණි සියලුම දෙනාට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් කලා මංගල්‍යයය ආරම්භ කෙරිණි.

විද්‍යාලයේ දරු දැරියන් විසින් සංගීත, නර්ථන, චිත්‍ර, නාට්‍ය, ඉංග්‍රීසි භාෂා ඇතුළු විවිධ අංගයන්ගෙන් කුසලතා ඉදිරිපත් කිරීම විශේෂ ලක්ෂණයක් විය. එහිදී 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා තරග ශීර්ෂ 14 ක් යටතේ කුසලතා දැක්වූ ජයග්‍රාහකයන්ට ආදිවාසී නායක වන්නිලැත්තතන් අතින් සහතික පත් ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි.

ධීරානන්ද විද්‍යාලයේ විදුහල්පති ඊ.ජේ.එම්.පී.ජී.ජී බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලයේ සහයෝගීතාවයෙන් මෙම කලා මංගල්‍යය සංවිධානය කෙරිණි. 



අදහස් (0)

ධීරානන්දයේ කලා මංගල්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 381 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site