(අජිත්ලාල් ශාන්තඋදය)
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ දැනුම්දීමක් මත සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා සිය ධූරයෙන් අද(20) ඉල්ලා අස්වී ඇත.
දිසානායක මහතා අද දහවල් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තැබුවේය.
සබරගමු පළාත් ප්‍රධාන ලේකම් ඩී.ම්.මාලනී මහත්මිය සහ ආණ්ඩුකාර ලේකම් ප්‍රභාත් උදාකර මහතාද එම අවස්ථාවට පැමිණ සිටියහ.
මේ වසරේ ජනවාරි මාසයේ සබරගමු පළාත් ආණ්ඩුකාර ධූරයට දිසානායක මහතා පත්කෙරුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශ මතය.
විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වූ ධම්ම දිසානායක මහතා සබරගමු පළාතේ 10වැනි ආණ්ඩුකාරවරයා විය. විසුරුවා හැර ඇති සබරගමු පළාත් සභාව සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කිහිපයක්ම ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත මේවනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
‘සබරගමුව ලස්සනයි’ තේමාව යටතේ සබරගමු පළාතේ විසි ලක්ෂයකට ආසන්න ජනතාවකගේ ආර්ථික, සමාජීය, අධ්‍යාපනික, කෘෂි කාර්මික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.
මේ අතර පළාත් නවයේම ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතැයි ද දැනගන්නට ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව ජනාධිපතිතුමාට පැවරෙන රජකාරි අතුරින් ප්‍රධානතම රාජකාරීයක් වන්නේ පළාත් සභා විසුරුවා හැරීමයි. තව දුරටත් අපට මේ දේශපාලන ආයතනය අවශ්‍ය නොවේ.
ඔය පළාත් පාලන ආයතන නිකන් සල්ලි කන වැඩ. ඕව තිබුන කියල උතුරුපලාතේ මිනිස්සුන්ටවත් දකුණු පළාත්වල මිනිසුන්ටවත් උන සෙතක් නෑ ඒ සල්ලි ටික ඉතුරු කරලා රෝහල් පාසල් ආදිය දියුණු කරනවානම් ඒක තමා වටින්නේ.
පළිගැනීමක්ද?
අලුත් ජනාධිපතිවරයෙක් පත් උනාම සෑම අංශයකම ඔහුගේම කාර්යය මණ්ඩලයක් පත්කර ගැනීම සාමාන්‍ය ක්‍රමයයි. අපි බලමු මෙතුමාගේ වැඩපිළිවෙල අනුව. මෙතුමාට සුදුසු වගකීම් ඉදිරියේදී පැවරේවි.
ධම්ම සර් කියන්නේ වචනයේ පරිශ්රමාප්තියෙන්ම උගත් වැදගත් මහත්මා ගතියෙන් යුත් විශිෂ්ඨයෙක්. එතුමා එම තනතුරේ ගෞරවය මැනවින් ආරක්ෂා කළා. වර්තමාන ජනාධිපතිතුමාගෙන් අප අපේක්ෂා කරන, රට නිර්මාණය කර ගැනිමට මෙවන් වු උගත් වැදගත් නිහතමානී මිනිසුන්ගේ සේවය, ගරු ජනාධිපතිතුමන්ට, මේ රටට, වර්තමානයේ ඉතාම අත්‍යඅවශ්‍ය බව පවසමි.
එනවා යනවා. පව් ඉතින් මේ ජීවිත. තනතුරු පෙරේතකම නිසා වෙන දේවල් තමයි..
ධම්ම සර් කියන්නේ උගත් වැදගත් නිහතමානී පුද්ගලයෙක්... එතුමා එම තනතුරේ ගෞරවය උපරිම ලෙස ආරක්ෂා කලා මෙන්ම මෙම කෙටි කාලය තුළ සබරගමුවට විශිෂ්ඨ සේවයක් කළා. වර්තමාන ජනාධිපති තුමාගෙන් අප බලාපොරොත්තුවන රට නිර්මාණය කර ගැනීමට, මෙවන් වැදගත්, බුද්ධිමත් විශිෂ්ඨයින්ගේ සේවය ගරු ජනාධිපතිතුමන්ට මෙන්ම රටට මේ අවස්ථාවේ ඉතාම අත්‍යාවශ්‍ය බව පවසමි.