IMG-LOGO

ධනුෂ්කට ක්‍රිකට් පිටිය අහිමි වෙයි?

(යොහාන් භාසුර)

ඕස්ටේ්‍රලියාවේදී පසුගිය වසර අග පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී කාන්තාවකට අතවර කළේ යැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල්වලට සම්බන්ධ වීම තහනම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

ඕස්ටේ්‍රලියාවේ රැදී සිටින ධනුෂ්කට එම උපදෙසත් අනුව ක්‍රීඩාවට සම්බන්ධ කිසිඳු දේයකට සම්බන්ධ විය නොහැකි ලෙස ක්‍රීඩා අමාත්‍යංශය තහනමක් පනවන බවත් ඔහු සම්බන්ධ නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වන බවත් ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

ධනුෂ්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මේ වන විටත් තාවකාලික තහනමක් පනවා තිබේ. 



අදහස් (9)

ධනුෂ්කට ක්‍රිකට් පිටිය අහිමි වෙයි?

යෝගා Monday, 30 January 2023 02:54 PM

තමුන්ට ගැලපෙන, ඔය ස්පා එකක් වගේ බිස්නස් එකක් පටන් ගන්න මල්ලි...!

:       0       53

Buddika Monday, 30 January 2023 03:07 PM

මීට පෙරත් අවස්තා කීපයකම මෙයාගෙ විනය විරොදී, සමාජ විරෝදී හැසිරීම්වලට දඩුවම් කලත් මෙය හැඩුනෙ නෑ. එව තනිකරම කුපාඩිකම්. ජාත්යන්තරය ඉදිරියෙදි රටෙ නම විනාස කලා. මොන දක්ශතා තිබ්බත් ඉවත් කල යුතුයි

:       1       46

Prabha Monday, 30 January 2023 06:07 PM

විනාශ වෙන්න නමක් ඉතුරු වෙලා තියෙනවද?

:       1       8

නිහාල් Monday, 30 January 2023 03:17 PM

ඕවා මොනවද ටික දවසයි

:       0       24

thushara kariyawasa Monday, 30 January 2023 04:17 PM

නීතිපතිටත් පෙන්නෙ කොල්ලෙක් මොකහරි කලොත් තමයි. රටටම කෙලවපු නාකි දේශපාලකයන්ව මෙයාට පෙන්නෙ නැද්ද .

:       1       2

ලාල් ද අල්විස් Monday, 30 January 2023 07:32 PM

විනයගරුක සමාජයක් හැදීම ක්‍රීඩකයෙකුගෙන් ඇරඹීමම වැරැදි ආරම්භයකි. දෙමාපියන් වැරැදි කරන්නේ නම් දරුවන් නිවැරැදි කළහැකිද? හරහට යන කකුලුවා පැටවුන්ට කෙලින් යන්න උගන්වනවා වාගෙයි. ද්විත්ව පුරවැසිභාවය පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වැරැදියි කියන මෝඩ අදහසත් ඒ වගේමයි. ලංකාව පාලනය කරපු සුද්දෝ පුරවැසියන්ද? නෑ. ඔවුන් හදලා තියපු ටිකත් ලාංකික පුරවැසියන් විනාශ කරලා. ලාංකික වුණත්, ද්විත්ව වුණත් ප්‍රශ්නය තියෙන්නේ හිතේ. හොර හිතේ... දැන් නිදහසෙන් පස්සේ රට, ජාතිය, ආගම විනාශ කළේ ද්විත්ව පුරවැසියෝද?

:       2       4

sam Monday, 30 January 2023 11:22 PM

දැන් උබට සැපද. මූ දක්ෂ දුප්පත් ක්‍රීඩකයෙක් හැටියට පටන්ගත්තෙ. මූ හොද ගමනක් යයි කියල හැමෝම බලාගෙන හිටියෙ. ඒත් වසලය වසලයමයි කියන කයමන නැවතත් ඔප්පුකරමින් මූ මුගෙ අසාමාන්‍ය කයිපලන්ත ආශාවන් ඉශ්ඨ කරගන්ඩ ගිහිල්ල දැන් ඇටිකෙහෙල්කා පු රිලව වගේ බලාගත්ත අතේ බලාගෙන ඉන්නව. දැන් ඉතින් දෙකක් දාගෙන අතේ මහගනිං. මේ වගේම විනාස උන තවත් එකෙක් තමයි කිත්රැවන් විතානගේ කියන එකා. හැබැයි තව බොහෝ කට්ටිය හිටිය උන් එකෙන්ම මට්ටුවෙලා හැදුන. ඒ කට මූ නොනවත්වාම වැරදි වැඩමයි කලේ. දැන් ඇටිකෙහෙල් කාපු රිලා වගේ හූල්ල හූල්ල ඉන්නව. මේව හොදයි අනික් එවුන්ට ඉගන ගන්ඩ.

:       0       2

Shrirani Tuesday, 31 January 2023 06:58 AM

දැන් ඉතින් පිටකොටුවේ ලාභෙට ඉන්න ගණිකාවෝ පස්සෙවත් .අපේ රටේ නම කාපු අපතයා

:       0       0

දනුකබරය Tuesday, 31 January 2023 01:57 PM

මුන්ව පුහුණු කරනකොට විනය ගැනත් කියලා දෙන්න ඕනේ. මුලින්ම ගෙදරින් තමයි සදාචාරය පසුව පාසලෙන් ඔය දෙකෙන්ම මූට ඒවා ලැබිලා නෑ. හැකියාව ඇති. නමුත් මොලේ නෑ. දුප්පත් මෝඩ හිඟන්නෙකුට මුදලුයි ප්‍රසිද්ධියයි ලැබුනම ආයේ ඌ විතර එකෙක් නෑ කියලා තමයි හිතන්නේ. ඒ වගේ දෙයක් තමයි මෙයටත් උනේ. Dan නම් හිතෙනවා ඇති කරගත්තු මෝඩ කමක තරම. ජීවිතේටම කැළලක්, දෙමව්පියෝ, සහෝදරයෝ ඥාතීන් වගේම මුළු රටක් ලෝකය ඉදිරියේ නින්දාවට පත් කෙරුවා..අනිත් උන්වත් මේවගෙන් පාඩමක් ඉගෙන ගත්තොත් හොඳයි. මෙච්චර වැරදී කරපු මෙය ටීම් එකේ තියාගත්තු පිරිස ගැනත් පරීක්ෂණයක් කරන්න ඕනේ හරිනම්... රටේම මිනිස්සුන්ගෙන් සමාව ගනින් කරපු නින්දාවට රටට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 128 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site