
( ප්‍රසාද් රුක්මල් )
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් දෙමෝදර නැරඹුම් මධ්‍යස්ථානය අසල දෙමෝදර ගල්කන්ද නායයාමේ අවදානම නිසාවෙන් ඒ අවට පදිංචි පවුල් 34ක සාමාජිකයන් 148ක් ඉවත් කර ආරක්ෂිත ස්ථානකරා යොමු කළබව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද(11) පැවසීය .
මෙසේ ආරක්ෂිත ස්ථානකරා යොමු කළ පිරිසෙන් කොටසක් ඇල්ල ප්‍රාදේශීය සභාවට අයත් දෙමෝදර නාවුල්ල පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ලේ තාවකාලිකව නතර වී සිටින අතර ,සෙසු පිරිස සිය නෑදෑ හිතවතුන් ගේ නිවෙස් වල නතර වී සිටින බවත් හෙතෙම කීය .
පවතින වැසි සමග දෙමෝදර නැරඹුම් මධ්‍යස්ථානය අසල ගල්කන්ද විශාල ලෙස ඉරිතලා පුපුරා ගොස් නායයාමේ දැඩි අවධානමක තිබෙන අතර, මේනිසාවෙන් බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය ට මෙන්ම ,කන්දට පහල ජනනිවාස වලටද දැඩි අවදානම් තත්ත්වයක් මතු වී ඇතයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කලේය .
මෙම ස්ථානය ඊයේ (10) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරින් විසින් ද පරික්ෂාවට ලක්කරනු ලැබිණ .
දනට මෙසේ අවතැන් වී සිටින පිරිසට අවශ්‍ය පිසූ අහාර මෙන්ම අනෙකුත් අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දෙන බවද ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද දිසානායක මහතා පවසයි .
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙමෝදර අවට පවුල් 34 ක් ආරක්ෂිත ස්ථානවලට