
සුජිත් හේවාජුලිගේ
පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.
මෙම ඉල්ලීම කරන්නෝ සමස්ත ලංකා මහජන ක්‍රොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, ඉලංගෙයි තම්ල් අරුසු කච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන දේශපාලන පක්‍ෂවල නායකයෝය.
ආරංචි මාර්ග පවසන අන්දමට පළාත් සභා මැතිවරණය ප්‍රමාදයකින් තොරව පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ රැසක් මෙලෙස එකවර ඉල්ලීමක් කරන පළමු අවස්ථාව මෙයයි. එම දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයෝ ඊයේ (13) කොළඹදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ පිළිබඳව මාධ්‍යයට කරුණු ඉදිරිපත් කළහ.
බලයට පත්වී වසරක දී පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජාතික ජන බලවේගය පොරොන්දුවක් දී තිබුණ ද මේ දක්වාම එම පොරොන්දුව ඉටු කර නැති බව දෙමළ පක්ෂ නියෝජිතයෝ සඳහන් කළහ.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවැසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බලාත්මක කිරීම, සියලු ප්‍රජාවට බලපාන ඉඩම් ආශ්‍රිත ගැටලු විසඳීම, සුළුතරය හා සම්බන්ධ ගැටලු සංවාදයෙන් විසඳීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණි බවයි.
සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා පොදු වේදිකාවක් හරහා සාකච්ඡා දිගටම කරගෙන යෑමට දේශපාලන පක්ෂ තම කැපවීම නැවත තහවුරු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි. මේ අය තම තමන්ගේ ප්‍රශ්න විතරක් විසඳගන්න වේදිකා හදාගන්නවා. සිංහල අයට සියලුම අයගේ ප්‍රශ්න විසඳන්න කියනවා.
ඔය දමිළ මුස්ලිම් පක්ෂ ඕනාවට වඩා විශ්වාස කරගත් සිංහල පක්ෂවල නායකයිනි ඔවුන්ගේ බිත්තියක තියෙන රූපයක්වත් විශ්වාස නොකරන්න කියලා අපේ පැරැන්නන් කියපු ලියපු දේවල් ගැන ගැඹුරින් සිතා ඉදිරියට බුද්ධිමත් තීරණ ගෙන දේශපාලන කටයුතුවල යෙදෙන්න.ස්තුතියි.