අප ආසාවෙන් ගිල දමන, ගැඹුරු තෙලේ බඳින ආහාර වර්ග (Processed Foods) සහ විශේෂයෙන් සකස් කරන ලද කෙටි ආහාර, දුම්වැටි ආදියෙන් සිරුරට සිදු කෙරෙන හානියටත් වැඩි හානියක් සිදු කරනවා යැයි ඇමෙරිකාවේ හාවර්ඩ්, මිචිගන් සහ ඩියුක් යන විශ්වවිද්‍යාලවල පර්යේෂකයෝ පවසති.

පර්යේෂකයන් මෙසේ පවසන්නේ, ආහාර සම්බන්ධයෙන් සිදු කළ නවතම අධ්‍යයනයකින් අනතුරුවය.

ද මිල් බෑන්ක් ක්වර්ටර්ලි (The Milbank Quarterly) නම් ත්‍රෛමාසික සෞඛ්‍ය සඟරාවේ මේ සම්බන්ධයෙන් වාර්තාවක් පළ වී ඇති අතර, දුම්වැටි පාලනයට නීති පනවා ඇති සේම, මෙම අහිතකර ආහාර අපෙන් හැකිතාක් ඈත් කිරීමට ද නව නීති සැකැසිය යුතු බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.