
(යොහාන් භාසුර)
කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රිනී දීපා එදිරිසිංහ මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව එම පක්‍ෂයේ භාණ්ඩාගාරික හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (13) පැවසීය
එදිරිසිංහ මහත්මිය මන්ත්‍රී ධූරයට පත්වන විට වසරක කාලයකින් ඉවත්වන්නේ යැයි පක්‍ෂයට පැවසූ අතර ඒ අනුව ඇය මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ බවත් ඇය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වුවද පක්‍ෂයේ මාධ්‍යම කාරක සභාවේ සහ සංවිධායක ධුරයේ තව දුරටත් කටයුතු කරන බවත් අලගියවන්න මහතා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පළාත් පාලන නියෝජිතයන් කීප දෙනෙක් මේ ආකාරයට ඉල්ලා අස්වූ බව කී අලගියවන්න මහතා පැවසුවේ එය සාමාන්‍ය තත්වයක් බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd