
(සුමති කුඩලිගම)
කිතුල්ගල්විල මහගම ප්රදේශයේ පුද්ගලයකු බුලත්සිංහල ඉහළ වෙල්ගම අඹගහවිට සුරජ්ජමුල්ල තොටුපොළ ආසන්නයේ කුඩා ගඟ අසල අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද උදෑසන හමුවී ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කෝට්ටේගොඩ විදානලාගේ රත්නසිරි (60) යන අය බව පොලිසිය පවසයි.
ඔහු ඊයේ(12) දින සිට අතුරුදන් බවට ඔහුගේ දියණියක් වන කේ.වි.වසුන්දරා යන අය බුලත්සිංහල පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.
පසුව බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් පරීක්ෂණ පවත්වමින් සිටියදී බුලත්සිංහල පොලිස් වසමේ අඹගහවිට ප්රදේශයෙන් ගලා බසින කුඩා ගංගාවේ ඉවුරක තිබී ඔහුගේ මළ සිරුර හමුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd