(අංජුල මහික වීරරත්න)

‘දිට්වා’ සුළි කුණාටුවෙන්  පීඩාවට පත් වූ යාපනය, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ධීවර ජනතාවට බෝට්ටු සහ ධීවර දැල් පරිත්‍යාග කිරීම කරෙයිනගර් ‘සී නෝර්’ (Sea Nor) බෝට්ටු කර්මාන්තශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන්  උත්සවය පැවැත්විණි.

මෙහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 1.800 ක් වටිනා ධීවර දැල් 32 ක් සහ රුපියල් මිලියන 8.640 ක් වටිනා බෝට්ටු 18 ක් ධීවරයින් වෙත ප්‍රදානය කෙරිණි. 

රුපියල් 480,000 බැගින් වටිනා මෙම බෝට්ටු 18 න් බෝට්ටු 03 ක් යාපනය දිස්ත්‍රික්කය සඳහා ද (ඩෙල්ෆ් බෝට්ටු 02 ක් සහ කරෙයිනගර්ට බෝට්ටු 01 ක් වශයෙන්), මුලතිව් දිස්ත්‍රික්කය සඳහා බෝට්ටු 13 ක් සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා බෝට්ටු 02 ක් වශයෙන් වෙන් කර තිබිණි.