(සේනක බණ්ඩාර)
දළඹුවන් ව්‍යාප්ත වීම හේතුවෙන් කැබිතිගොල්ලෑව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පන්ති කාමර 8ක් අද (27) සිට තාවකාලිකව වසා දැමූ බව පාසලේ විදුහල්පති ඒ. එෆ්. චන්ද්‍රසේකර මහතා පැවසීය.
සතියක පමණ කාලයක් පටන් දළඹුවන් ව්‍යාප්තවීම හේතුවෙන්, විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ 4 සහ 5 ශ්‍රේණිවලට අයත් පන්ති කාමර 8ක් වසා දැමීමට කැබිතිගොල්ලෑව කලාප කාර්යාලයෙන් සහ කොට්ඨාස කාර්යාලයෙන් උපදෙස් ලැබී තිබූ බවද විදුහල්පතිවරයා කීය.
පාසලේ පිහිටි බෝ ගසේ සිටින දළඹුවන් ගොඩනැගිල්ලට හා මිදුලට වැටී, පොකුරු පිටින් ව්‍යාප්තව සිටින බවත්, සිසුන්ට මහත් හිරිහැරයක් බවට පත්වී ඇති බවත්, සිසුන්ගේ ශරීරයෙහිද වැටී බිබිලි මතු වූ බවත් ඔහු පැවසීය.
ඊයේ (26) දිනයේද පාසලට පැමිණි මවුපියන් දරුවන්ව පන්ති කාමරවලින් ඉවත්කර පන්ති කාමරවල බිත්තිවලට භූමිතෙල් ඉසූ බවත්, තාවකාලිකව එයින් මර්දනය වන දළඹුවන් නැවත පැමිණි බවද, මේ හේතුවෙන් පන්ති කාමර වසා දැමීමට කටයුතු කළ බවද ඒ.එෆ්. චන්ද්‍රසේකර මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළඹුවෝ හැදෙන්නේ සමනල්ලු දාන බිත්තර වලින් වගේම එක එක සමනල්ලු බිත්තර දාන්න තෝරාගන්නේ වෙනස් ගස් වර්ග.