
( මහින්ද නිශ්ශංක )
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගෙන ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් පසුගිය 18 දා සිට කොටුව හා මහනුවර අතර විශේෂ දුම්රිය ගමන් වාර හයක් ක්‍රියාත්මක කෙරුණු අතර එම විශේෂ දුම්රිය ලබන 28 දක්වා ක්‍රියාත්මක කිරීමට කලින් තීරණය කර තිබුණි.
COMMENTS
දුම්රිය පමණක් නොවේ සියලුම වාහන නුවර ඇතුලුවෙන එක තහනම් කරලා ඇදිරි නීතීය දැම්ම නම් හරි. මුල ඉදලම කටින් හාගෙන මිනිස්සුන්ට එන්න කියලා කිසිම සැලසුමක් නැතුව ගොබ්බ කතා කියලා දැන් කෝච්චි නවත්වනවා. ගිය මිනිස්සු එන්නේ පයින් වෙන්න ඇති. කයිවාරුව රෙද්ද පල්ලෙන් බේරෙනවා. නුවර මිනිස්සු හෙන ඉල්ලනවා. දළදා වහන්සේ බලන්න ගිය මිනිස්සු අනාථ වෙලා. ක්ලීන් ශ්‍රී ලංකාවලට ඉස්සර ක්ලීන් මහනුවර කරහල්ලා. මුන්ගේ වැඩ තාම විපක්ෂයේ ඉන්නවා කියලා හිතලා.
ආණ්ඩුවේ නොසැලකිලිමත්කම, නොහැකියාව නිසා මරණයක් එහෙමත් සිදුවුණා. ලක්ෂ ගාණක් වන්දනාකරුවන් අපහසුතාවයට පත්වුණා... ඉදිරි මැතිවරණයේ වාසි බලාගෙන ඡන්ද කඩාගන්න ආගමට මුවාවී කළ මේ දෙය නිසා මහනුවර නගර සභාව මාලිමාවට දිනාගන්න ලැබෙන්නේ නැහැ...