
(ගයාන් අමරසේකර)
ශ්‍රී ලාංකීය සංස්කෘතියේ වන්දනීය මුදුන් මල්කඩක් ලෙසින් සැලකෙන මහනුවර දළදා පෙරහර මංගල්‍යය නිමිතිකර ගනිමින් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය මගින් සමරු මුද්දර 3 ක්, මුල්දින කවර 4 ක් හා සමරු පත්‍රිකා 3 ක් මහනුවර දළදා මාලිගාවේදී අද (25) නිකුත් කෙරිණ.
තැපැල් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා විසින් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නාහිමියන්ට මුල්දින කවරය පිළිගන්වන ලදි. මල්වතු පාර්ශවයේ තේවාව බාර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර හිමිපාණන් වහන්සේද මෙම අවස්ථාවට සහභාගි වූහ.
තැපැල්පති රංජිත් ආරියරත්න, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ, මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම, මුද්දරයේ සැලසුම්කරුවන නිහාල් සඟබෝ ඩයස් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd