
(නවරත්න සමරතුංග)
උසාවිය බාරයේ ඇති ලොරියක නඩු කටයුතකට අදාළව සහතික පිටපතක් ඉක්මනින් ලබාගැනීම සඳහා අම්පාර දිසා අධිකරණයේ ලඝු ලේඛිකාවකට රුපියල් 1000/-ක අල්ලසක් දීමට උත්සහ කළ පුද්ගලයෙක් අම්පාර පොලිසියේ නිලධාරීන් විසින් අද සැකපිට අත්අඩංගුව ගන්නා ලදී.
අම්පාර දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මියගේ උපදෙස් මත ලඝු ලේඛිකාව අම්පාර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් විසින් අම්පාර දිසා අධිකරණ සංකීර්ණය තුළදීම සැකකරු අත්අඩංගුව ගන්නා ලදී.
මේ වන විට අම්පාර පොලිසිය බාරයේ සිටින සැකකරු රජයේ නිලධාරිණියකට අල්ලස් දීමට උත්සහ කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අම්පාර පොලිසියේ නිලධාරීයකු පැවසීය.
බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කළැයි කියන සිද්ධියකට අදාළව මේ වනවිට අම්පාර උසාවිය බාරයේ ඇති ලොරියකට අදාළ නඩු කටයුතක් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා එම නඩුවට අදාළ සහතික පිටපතක් ඉක්මනින් ලබාගැනීම සඳහා සැකකරු අම්පාර දිසා අධිකරණයේ ලඝු ලේඛිකාවකට රුපියල් 1000/-ක මුදලක් දීමට උත්සහ කර ඇතැයි කී අදාළ නිලධාරීයා ඇය මේ පිළිබඳව වහාම දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා දැනුවත් කර ඇතැයි පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලය මැවු වෙනසක අරුමේ
නියමයි ජනපතිතුමනි. ඔබ නිසා සියල්ල වෙනස් වී ඇත..
ආදර්ශමත් නිලධාරිනියක්. අල්ලස් දීමත් වරදක් බව ජනතාව දැනගත යුතුයි. එම පැත්තෙන් සමාජය හුරු කිරීමට මෙවැනි නිලධාරින් රටට අත්‍යාවශ්‍යයි.
ලියකියවිලි ඉක්මණින් ගන්න කියන්නේ මේ ලිපි නොදී රස්තියාදු කරන නිසා කීයක් හරි දීලා හරි වැඩේ කරගන්න ගිහිල්ලා වගේ. මුලින්ම මේ වැඩ නොකරන නිලධාරින් ඇතුළට දාන්න ඕනේ...!