
(ඩී.ජී.සුගතපාල සහ යොහාන් බාසුර)
වෛද්‍යවරියක් පදවාගෙන පැමිණි මෝටර් රථයක් බූස්ස වැල්ලබඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදි බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවු සාගරිකා දුම්රියේ හැපී අද (01) උදේ සිදු වූ අනතුරින් මෝටර් රථයේ සිටි කාන්තාවක් තුවාල ලබා ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
අම්බලන්තොට රිදියගම පුනරුත්ථාපන කඳවුරේ සේවය කරන රත්ගම ගණේගොඩ පදිංචි වෛද්‍යවරියක් නිවසේ සිට තම ඥාතිවරියක් බස් නැවතුම්පොල වෙත කැඳවා ගෙන එමින් සිටියදි ගාල්ල දෙසින් පැමිණි දුම්රියේ හැපි ඇත.
අනතුරෙන් වෛද්‍යවරියට තුවාල සිදුවි නොමැති අතර ඉදිරි වම් පස අසුනේ සිටි ඇයගේ ඥාතිවරියට සුලු තුවාල සිදුව ඇතැයි පොලීසිය කියයි.
මෙම ස්ථානයේ විදුලි සංඥා තිබුණත් ඒවා අක්‍රියවි ඇති බව සඳහන් පුවරුද එම ස්ථානයේ ඇති බව පොලිසිය පැවසිය.
රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රියට වැරැද්ද කරන කෙනා කවුද කියන එක අදාළ නැත...!
දොස්තර නෙවෙයි නර්ස් කෙනෙක්.
සාගරිකාටත් තුවාලද?
අපිව වෙලාවට ආරක්ෂිතව කාර්යාලයට එක්කන් යන සාගරිකාට බනිනවා එහෙම නෙමෙයි... එයා කාගෙවත් ඇඟට එන්නෙත්, වෙට්ටු දාන්නෙත් නෑ. පාඩුවේ යනමග හරස් කරලා වෙට්ටු දාන අයට පොඩි හාද්දක් නම් දෙනවා..
මේ අය කවදා එළවපු කාර්ද? ගොන් කරත්තයකින් ගියා නම් කිසිම තුවාලයක් වෙන්නේම නැහැ.