
(ගයාන් සූරියආරච්චි)
තලංගම ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරියකගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඇගේ බෙල්ලට පිහියක් තබා රුපියල් ලක්ෂ හතහමාරක රන්බඩු සහ මුදල් කොල්ලකෑ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 45 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන 43 හැවිරිදි වෛද්‍යවරියක මෙම සිදුවීමට මුහුණ දී ඇති අතර ඇය තම දරුවන් දෙදෙනා සමග ජීවත් වී ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා මේ වන විට විදේශගත වී සිටින බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකයි තත්වේ. ඇත්තටම දියුණුද අපි? බිරිඳ තනියම ළමයි එක්ක. කසාදේ පලක් තියෙනවාද? තේරුම් ගන්න පරිහානියට තමයි යන්නේ අපි. දියුණුව කියන්නේ අතට පයට පහසුව දැනීම විතරයි. අධ්‍යාත්මිකව පිරිහිලා ඉන්නේ...!