
(මොහොමඩ් ආසික්)
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය කියයි.
එම සංවිධානය නිකුත් කර ඇති නිවේදනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ ඇල්පිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, හොරණ, මතුගම, බුලත්සිංහල සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහාද මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
මෙම ප්‍රදේශවල තව දුරටත් වැසි පවතී නම් අවදානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
මෙම නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද 10 වනදා ද සවස 4.00 දක්වා බල පැවැත්වෙයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.