
(දයාරත්න ඇඹෝගම සහ තිසර සමල්)
ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් තලාව නගරයේ පැවති ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයකට සහභාගි සිය මව සමග යතුරැ පැදියෙන් නිවසට යමින් සිටියදි තලාව නගරයේ වට රවුමේදි ඉන්ධන බවුසරයක ගැටි බරපතල තුවාල ලබා එම ස්ථානයේම මිය ගොස් ඇතැයි තලාව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ කරගහවැව,තලාව යන ලිපිනයේ පදිංචිව සිටි නිසංසා නෙත්සරණි විමලසේන (10) නැමති දැරියකි.ඇය තලාවේ ප්‍රාථමික විදුහලේ පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවියකි.
මෙම අනතුරින් 47 හැවිරිදි දැරියගේ මවද බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ඉන්ධන බවුසරයේ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(11)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපදින්න තියෙන වසනාවන්තම රටක් හැටියට තිබුනු අපෙ රටට අමන දේශපලුවො කරපු විනශෙ බලන්න. දැන් අවුරුදු 25 ක් විතර ඉදල දවසට 5 - 6 ක් මරෙනව රිය අනතුරුවලින්. එකෙක්ට බැරි උනානෙ මෙකට විසදුමක් දෙන්න.
ඉතාම කණගාටුයි.
බවුසර් කාරයින් කුඩා වාහනවලට සලකන විදිහ තමයි ඔය බවුසර් කාරයින්ට ඇප දීම කරන්න එපා...
මේක ඇසින් දුටු කෙනෙක් කියපු හැටියට වරද යතුරුපැදියේ, වට රවුමේදී එක පසෙකින් ආපු යතුරුපැදිය බව්සරේ ඉස්සරහ කැබ් කොටස ගියපසු මැද බව්සර් කොටසේ හරහට වැදිලා ළමයා රෝද යටට විසිවෙලා. වේගය තමයි හේතුව, කාන්තාවන්ට බ්‍රේක් අමතක වෙනවා හදිසියට. ඒවගේම උස වාහන අස්සේ ධාවනය කරනවා... ලොකු වාහනවලට ළඟින්යන කුඩා යතුරුපැදි නොපෙනන බව තේරුම් ගත යුතුයි. කාන්තාවන් අනුන්ගේ අනුකම්පාව මත අනතුරු නැතිව යාමට සිතාගත යුතුයි...
මේ බව්සර් රියදුරුගේ පියා ගැන සඳහනක් නැත්තේ ඔහු පොලිසියේ හෝ වෛද්‍යවරයක් නොවේද?