
(අංජුල මහික වීරරත්න)
10 වැනි විධායක ජනාධිපති බිහි වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් එක්සත් ලක්වනිතා පෙරමුණ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සංවිධානය කර තිබු කාන්තා දින සැමරුම් උත්සවය අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
කාන්තාවට තැන දුන් එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව ද වජිර අබේවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය. "එක්සත් රටක් - සංවර්ධිත හෙටක් වෙනුවෙන් කාන්තා බලය අර්ථ ගන්වමු" යන තේමාවෙන් මෙම කාන්තා දින උළෙල සංවිධාන කර තිබිණි.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාල, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී අචිනි ලොකුබණ්ඩාර මහත්ම මහත්මීහු ඇතුළු කාන්තාවෝ විශාල පිරිසක් මීට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නෙ ජොලි සීයාට වයස අවුරුදු 150ක් විතර වුනාමද?
එහෙම කියලා අපේ සජිත් මහත්තයාගේ හිත රිද්දන්න එපා.
මා දකින හීන - 2...!
අම්මෝ අර 17 අවුරුද්දක් රට කරලා, වෙච්චි සංවර්ධනේ අපිට දරා ගන්න බැරුව ඉන්නේ....
පොඩි පොඩි ටයර් සෑයවල් එහෙමත් වදී නේ...?
2029 ත් රනිල්,, 2034 ත් රනිල්, 2039ත් රනිල්, 2044 ත් රනිල්, 2049ත් රනිල්. මොකද 2048 දී තමයි ලංකාව ගොඩගන්න ඉන්නේ.
ඔල්මාද කෙනෙක්නේ ඔයා. මේ පිස්සාව වාඩි කරවන්න...!
අහිංසක සිහින ලෝකය.!!
වෙන්න පුළුවන්. ඒත් ඒ වෙනකොට ඔය දැන් ඉන්න එජාප නායකයෝ කියලා කියාගන්නා කිසිම කෙනෙක් ඉන්නේ නැති එක ෂුවර්.. තමනුත් ඇතුළුව...
විපක්ෂයේ අයට රෙද්දේ රෙවිලා ඉන්න වෙලාවේ තව...
පාලුවෙන් හිටියේ වජිරගේ රසකතා අහන්න නැතුව.. තව කියවලා ඉතුරු ඡන්ද ටිකටත් කෙලවලා දෙන්න..!
රෙද්දෙ චූයි, කක්කයි දෙකම ගිහිල්ලා වැලේ වැල් නැතිව ඉන්න මේ ගොයියාගේ මනස හදන්න අන්ගොඩ යන්න යවන්න කෙනෙක් ඔය පැත්තේ නැද්ද?
සිහින දකින්නැති අහස උසට තනියම...
එජාපය කියන්නේ පහුගිය මැතිවරණ වල එක ආසනයක්වත් දිනාගන්න බැරි උණු ස්වාධීන පක්ෂයක් නේද?
හීනෙන්ද?
සිහින දැකීමට ඕනෑම පුද්ගලයෙකුට සිදුවූවත් 10 වන තියා ආයේ කවදාවත් මේ බිමේ එ:ජා:ප, පොහොට්ටු... ස:ජ:බ පෙරටු මෙකී, නොකී කිසිම පක්ෂයක් යලි බලයට නොඑන බව නම් සක්සුදක් සේ ස්ථීරයි..෴
හා.. සභාවෙ සිනා. ඒ ගමන්ම. පාර්ලිමේන්තුවෙත් ආසනයක් දෙකක් ගන්නත් බලමු නේද?
අපිත් ඔක්කොම රට ඉඳන් එන්න බලන් ඉන්නේ ඡන්දෙ දාන්න. ටක්කෙටම දවස කිව්වොත්, දැන්ම ටිකට් අරන් කොට්ටේ යට තියාගෙන පරිස්සම් කරන්න.
කවුද දන්නේ නැහැ අපේක්ෂකයා.. රනිල්ගෙන් පස්සේ පක්ෂය සෙත්ත පෝච්චි...!
අනේ ඉතින් අපි දෙන්නට මේ, දසවෙනි හීනේ පිහිටයි...!
ඔවු එක එහෙම්ම වෙනවා. ආයේත් මේ ආණ්ඩුව වගේ ජරා ආණ්ඩුවලට සහයෝගය දෙන්නේ නැහැ.
පිස්සෙක් , ආයේ විධායක ජනාධිපතිලා නෑ.. 9 න් පස්සේ ඒක අවසන් කරනවා...
ක්‍රි ව 2150 වගේද?
ඉතිං වජිර උන්නැහේ ඔහේම නේද කිව්වේ, 9 විධායක ජනපති ඡන්ද ලක්ෂ 80ට එහා අරගෙන පත්වෙනවා කියලා. ඇවැන්ගාඩ් එකෙන් පත් වෙනවා කිව්වා නම් ඔන්න අලුත් අදහසක් වෙන්න තිබුණා. මේ නිකන් ගාලු විහිළු තමයි. 10 විධායක ජනාධිපති කෙනෙක් ආයිත් ලංකාවේ එන්නේ නෑ.
තව අවුරුදු 100ක් ගියත් ලංකාව ගොඩ එන්නේ නැහැ. පුළුවන් හැම එකාම රට දාලා යනවා. දේශපාලුවෝ ටිකයි ඒ එක එකාට කඩේ යන්න ඉන්න මෝඩයෝ ටිකයි විතරයි මේකේ ඉතුරු වෙන්නේ... හැම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇති බව ගිරවෙක් වගේ කියන්න පුළුවන් වුණු පලියටම තමන්ට සාපේක්ෂතාවාදයත් තේරුම්ගන්න පුලුවනි කියලා හිතන මෝඩයින් සෙට් එකක් මේ රටේ ඉන්නවා. ඔවුන් තීරණ ගන්නේ තමන්ගේ මොලවලින් නෙවෙයි.., කවුරු හරි කියන දෙයක් 100% ඇත්ත කියලා හිතාගෙන ඔහේ කියවනවා. නැත්නම් ෆ්බFB එක කුණුහරුප වපුරනවා. ඔවුන් දන්නේ නැහැ. ඔවුන් කෙලවාගන්නේ ඔවුන්ටම හා ඔවුන්ගේ දරු මුණුබුරන්ට කියලා. මොවුන් අවුරුදු 5 න් 5 ට එක එකාට කියන සුරඟන කතාවලට රැවටෙනවා. ලැබෙන පළමු අවස්ථාවේදීම කෝච්චියේ හෝ බස් එකේ හොරෙන් යනවා. හැබැයි කතාකළොත් කියන්නේ මේ රට හදන්න ඕනෑ කියලා...
කරන්න දෙයක් නැහැ... සිහින දැකීම නවත්වන්න කාටවත් බැහැ...
යෝගාට මේ නිව්ස් එක දැක්කේ නෑ දැක්කා නම් කියනවා රනිල් වික්‍රමසිංහ ජනපති වෙන හැටි.
කවදද ?