IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දෙස් විදෙස් සම්මාන රැසක් සමගින් Fems 2024 වසර පිළිගනියි

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හිකාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමය වන Fems, 2023 වසරේ දී රටේ හොඳම නිෂ්පාදන සන්නාමයක් ලෙසින් නැගී එන ඉහළ පිළිගැනීමක් ඇති විශිෂ්ටතා සම්මාන මාලාවකින් පිදුම් ලැබීය.

එහි සන්නාම ක්‍රියාකාරකම් උපායමාර්ගිකව ක්‍රියාත්මක කිරීම සහ පාරිභෝගික අවශ්‍යතා නව්‍ය ලෙස සපුරාලීමේ හැකියාව සන්නාමයට කාන්තා සනීපාරක්ෂක අංශයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස ස්ථානගත වීම සඳහා එහි වෙළපොළ කොටස වර්ධනය කර ගැනීමට උපකාරී වී ඇත.

ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික සබඳතාව, නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ සමස්ත සන්නාම විශිෂ්ටත්වය යන අංශ හරහා ශ්‍රී ලංකාවේ සියලුම නිෂ්පාදන සන්නාම අතරින් නොනැවතී ඉදිරියටම යන සන්නාමයක් බවට  2023 වසරේ දී මෙසේ සම්මාන රැසකින් Fems සන්නාමය පිදුම් ලැබීමෙන්ඒ බව මනාව  තහවුරු කරයි.  

2023 වසරේ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී Femsවිසින් දිනාගනු ලැබූ සම්මානවලින්, ‘වසරේ නිෂ්පාදන සන්නාමය’ සඳහා වූ කීර්තිමත් රිදී සම්මාන‍යෙන් පිදුම් ලැබීම කැපී පෙනුණි.

Femsවසරේ හොඳම ආයතනික සමාජ වගකීම් (CSR) සන්නාමය සඳහා රන් සම්මානයෙන් හා Femsඇය හොඳම නව ප්‍රවේශය සඳහා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීම සන්නාමය සිය ගමන් මඟෙහි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන්නකි.

මින් පෙර SLIM DIGIS සම්මාන උළෙලේ දී Femsවිසින් ‘Digital Brand Bravery Merit Award’ සම්මානය දිනාගනු ලැබීමFemsතව තවත්  ඉහළට ඔසවා තැබීමට සමත් විය. තවද,  SLIM Effiesහි පෞද්ගලික සත්කාර කාණ්ඩයේ සම්මානයෙන් ද Femsපිදුම් ලැබීය.

2023 වසරේ Top 50 Professional and Career Women ගෝලීය සම්මාන උළෙලේ දී Fems AYA ව්‍යාපෘතිය වසරේ හොඳමප්‍රජා ව්‍යාපෘතිය ලෙස ගෝලීය පිළිගැනීමට පාත්‍ර වීම මෙම සම්මාන ජයග්‍රහණය කිරීමට සහය වී ඇත.

සනීපාරක්ෂක තුවාල බා ගැනීමේදී මුහුණ දෙන දුෂ්කරතා හා ඒ සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ ගැටලුවක් ඇති බව හඳුනා ගන්නා Fems,පාසල් සහ ආයතන වල සනීපාරක්ෂක තුවා බෙදාහරින ඒකක ස්ථාන ගත කර ඇත.

 



අදහස් (0)

දෙස් විදෙස් සම්මාන රැසක් සමගින් Fems 2024 වසර පිළිගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site