
(මොහොමඩ් ආසික්)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 46 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇති අතර එයින් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට දෙවැනි මට්ටමේ නිවේදන නිකුත් කරනු ලැබ තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද 27 පස්වරුවේ නිකුත් කර ඇති එම අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්යේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට දෙවැනි මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම,බෝපේ පෝද්දල,අම්බලන්ගොඩ , තවලම,නෙළුව, යක්කලමුල්ල,අක්මීමන, ඉමදූව, බද්දේගම, නාගොඩ සහ ගාල්ල කොටුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත සහ ඔ්කේවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද, වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, කඹුරුපිටිය, කොටපොළ, තිහගොඩ, මාතර කඩවත්සතර , අතුරලිය, පිටබැද්දර,කිරින්ද පුහුල්වැල්ල, මුලටියන, හක්මන,වැලිපිටිය, අකුරැස්ස, සහ මාලිම්බඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කිරිඇල්ල, නිවිතිගල, අයගම සහ පැල්මඩුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු පට්ටමේ නිවේදනයද කුරුවිට, ඇහැලියගොඩ, රත්නපුර, බලන්ගොඩ, කොලොන්න,ඉඹුල්පේ,ගොඩකවෙළ, ඇලපාත,කලවාන, ඔ්පනායක, සහ වැලිගෙපොළ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටමේ නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.
මෙම ප්‍රදේශවල තව දුරටත් වැසි පවතී නම් ප්‍රදේශවල පදිංචි ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායයාමට හේතුවෙන්න පුළුවන් කරුණු ගැන ඔය ආයතනයේ අයට ජනතාව පැමිණිලි කළත් බලන්න යන්ත්‍ර සූත්‍ර නැහැ කියලා මගහරිනවා. මැණික් සම්පත් තියෙන දිස්ත්‍රික්ක වල බැකෝ යන්ත්‍ර මගින් පතල් කැපුවාම භූමිය නායයන්න හේතුවෙනවා.. සාමාන්‍යයෙන් ඒක කියන්න ගමේ ගොඩේ නූගත් වුණත් පරිසරය ගැන දන්නා වැඩිහිටියන් දන්නවා භූ කම්පනය හෝ සුනාමි ඇතිවීමට භූ තලයේ යටින් සිදුවන හේතු බලපෑම් කරනවා. ඉතින් බැකෝ පතල් කැපුවාම ජලය සිඳීම් වගේම භූමිය යටින් ඇදීගොස් වෙනත් ප්‍රදේශවල ගිලාබැසීම් හා නායයෑම් වෙනවා. ඒවා කියද්දී නිෂ්ශබ්ද වෙලා ඉන්න... මේ ආයතනයේ සේවකයින් යන්තමින් වැස්සත් එක්ක මෙරුවන් වගේ ඇවිල්ලා නිවේදන නිකුත් කරනවා... සාමාන්‍යයෙන් සෑම බැකෝ පතලක් සඳහාම බලපත්‍ර දීමට පෙර අවට පරිසරය ගැන විමර්ශනය කරනවා නම් ඔය අනතුරු ටිකක් හෝ අඩුවෙනවා...