(යොහාන් භාසුර)

සෞඛ්‍ය සේවකයන්ට රුපියල් 20,000 දීමනාවක් ඉල්ලා සිටීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (30) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

සෞඛ්‍යයට ප්‍රමාණවත් මුදල් වෙන්කිරීම, සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂණ නැවැත්වීම සහ ඖෂධ, උපකරණ හා කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ගැනීම යන ඉල්ලීම් මූලිකරගෙන පැවැති මෙම විරෝධතාවට සෞඛ්‍ය සේවයේ තනතුරු රැසක විශාල පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)