(අංජුල මහික වීරරත්න)
දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ඇතැම් විධිවිධාන සහ වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතයන්, ප්‍රමිති සහ ප්‍රශස්ත පරිචයන් බලාත්මක කිරීම, වත්කම් හා බැරකම් ප්‍රකාශ වලට අදාළ වැරදි සහ අල්ලස්, දූෂණ පිළිබඳ චෝදනා සහ ආශ්‍රිත වැරදි අනාවරණය සහ විමර්ශනය කිරීම පිණිස ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත පනවනු ලැබ තිබේ.
එකී පනතේ විධිවිධාන පරිදි නියම කරනු ලබන නියමිත කාරණා සම්බන්ධයෙන් හෝ නියෝග සෑදීමට බලය දෙන කාරණා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් කොමිෂන් සභාව විමසා නියෝග සාදනු ලැබිය යුතුය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමසමින් එලෙස සාදන ලද නියෝග රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීම සඳහා 2025-03-17 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, අංක 2428/43 දරන 2025-03-20 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2025 දුෂණ විරෝධී ( වත්කම් හා බැරකම් ප්‍රකාශ) නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දූෂණ විරෝධී පනතේ අලුත් නියෝග පාර්ලිමේන්තුවට