
(යොහාන් භාසුර)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාසල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් දෙමින් පාසල් දියුණු කිරීමට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පලාත් සහ කලාප මට්ටමින් ලැබිය යුතු දායකත්වය පිළිබඳ ආණ්ඩුකාරවරු සහ පළාත් ලේකම්වරු දැනුවත් කරමින් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙසේද සඳහන් කළාය.
"ඉතාම හොදින් සැලසුම් කරමින් ක්‍රියාත්මක කරන්න නියමිත අධ්‍යාපනය පරිවර්තනය පිළිබඳ සාකච්ඡා කර නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පළාත් සභාවල සහය අවශ්‍යයි. ජාතික ප්‍රතිපත්තිය සහ පළාත් සභා ක්‍රියාවලිය ඒකාබද්ධ කරමින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිවල පරස්පරතාවයක් ඇති නොවන විදිහට පවත්වාගෙන යෑමේ වැදගත්කම අපිට හොඳටම දැනිලා තියෙනවා. විශේෂයෙන්ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණ වෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමයි. ඒකේ අවසාන ප්‍රතිලාභය ලැබිය යුත්තේ පාසල් යන දරුවන්ට සහ ඒ දෙමව්පියන්ට වගේම ඒ පවුලටයි. අපි ගන්න හැම තීරණයක්ම ගත යුත්තේ දරුවා ගැන හිතලයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී අපිට අභියෝග දෙකක් තියෙනවා. එකක් පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නත් ඕනේ. වෙනස් කරන ගමන් තියෙන ක්‍රමවේදය ටික කාලයකට පවත්වාගෙන යන්නත් ඕනේ" යයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.


2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට මුදල් වැඩියෙන් දෙන්න