(යොහාන් භාසුර)
ආනයනික සැමන්වල ආසනික් සංයුතිය වැඩිවීම හේතුවෙන් නැවත හරවා යැවීම නිසා සතොස වෙළෙදසැල්වල සැමන් නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය.
දේශීය සැමන් නිෂ්පාදකයන් ලබන සතියේ සතොසට සැමන් සැපයන බවට පවසා ඇති බවත් එසේ වුවහොත් එම හිඟය යම් තරමක් හෝ පාලනය කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
සතොස සභාපති ආනන්ද පීරිස් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ දේශීය සැමන් නිෂ්පාදකයන්ට ටින් ලැබීම පිළිබඳව ප්‍රශ්නයක් හේතුවෙන් දේශීය සැමන් සැපයුම ද ප්‍රමාද වන තත්වයක් නිර්මාණය වී ඇති බවයි.
සම්බා සහල්වල අඩුවක් තිබුණ ද සෙසු සහල් වර්ග ඕනෑ තරම් තොග සතොස සතුව ඇති අතර සෙසු ආහාර ද්‍රව්‍ය පැවැති මිලටම ලබාගත හැකි බවත්, ලබන සතියේ සිට සතොස සහල් මල්ලක් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් සභාපතිවරයා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 ගොන්නුන්ට මේවා හොඳ නව කතා
මට ඔයාගේ කතා අහල දැන් අප්පිරියා වෙලා තියෙන්නේ අප්පා.
රට වටේම මුහුද... අපි මොකටද සැමන් කන්නේ? මූදෙන් ගොඩබාන මාළු පැය 3 යනකොට රටේ ඕනම තැනකට අරගෙන යන්න පුළුවන්. යාපනෙන්ද- ත්‍රිකුණාමලෙන්ද, මඩකලපුවෙන්ද, ගාල්ලෙන්ද, බේරුවලින්ද, මීගමුවෙන්ද, පුත්තලමින්ද ඕන තැනක ඉඳන් පැය 3යි. සැමන් ගෙන්වීම තහනම් කරන්න. අපිට අපේම රටේ මාළු ටින් කිරීම කරන්න බැරිද අවශ්‍ය ප්‍රමාණයට ඕනෑ නම්...
රට වටකර මහ මුහුද? මාළු ගෙන්වන්නේ පිටරටින්... අවුරුදු 75ක දියුණුව නම් මාරයි...