
(මහින්ද නිශ්ශංක)
මේ වනවිට දේශීය බිත්තර මිල අඩු වී බිත්තරයක් රුපියල් 40,42,43 ට පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි බව බිත්තර නිෂ්පාදකයින් පවසයි.
රුපියල් 65,70 දක්වා ඉහළ ගොස් තිබූ බිත්තර මිල පහත වැටීමට හේතුව දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළයාම බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන් ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.
ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 37 කටත් රතු බිත්තරයක් රුපියල් 38 කටත් ගොවිපළෙන් නිකුත් කරන බවද ඔහු කීහ.
මේ වනවිට බිත්තර නිෂ්පාදනයද සැලකිය යුතු අන්දමින් ඉහළ යමින් තිබෙන බවත් පැවසූ සභාපති සරත් මහතා මාසයකට බිත්තර ලක්ෂ පහ බැගින් නිෂ්පාදනයට එකතු වන අතර මේ මාසයේ නිෂ්පාදනය ලක්ෂ 60,65 දක්වා වැඩි වී ඇතැයි ද කීය.
ඒ අනුව එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිගයකින් තොරව දේශීය බිත්තර අවශ්‍ය තරම් මිලදී ගැනීමට හැකි බවත් ඉදිරියේදී බිත්තර මිල තවත් අඩු විය හැකි බව ද ඔහු කීහ.
බිත්තර නිෂ්පාදනය වැඩි වෙමින් පැවතීමත් රටට අවශ්‍ය බිත්තර රටතුළ නිෂ්පාදනයවීමත් නිසා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය නොවන බවත් සභාපතිවරයා පැවසීය.
මේ අතර වෙළෙද ඇමති නලින් ප්‍රනාන්දු මහතා පසුගිය දා ප්‍රකාශ කළේ දෙසැම්බර් මාසයෙත් පසු ඉන්දියාවෙන් බිත්තර ආනයනය නතර කරන බවයි.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශීය බිත්තරය ටිකක් බහී
Bamunuarachchi Sunday, 03 December 2023 07:12 PM
දේශීය බිත්තර මිල බැස්සේ විදේශීය බිත්තර ගෙනඑන නිසයි. ඒ නිසා දිගටම බිත්තර ආනයනය කරන්න.