(යොහාන් භාසුර)
වැට් බදු සංශෝධනයත් සමඟ සෑම නිෂ්පාදන භාණ්ඩයකම මිල සියයට 50 ත් 60 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යන බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය අද (12) පැවසුවාය.
ආණ්ඩුව ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කිරීමට නම් ව්‍යාපාරිවලට සහයෝගය දැක්විය යුතු බවත් ආන්ඩුව ව්‍යාපාරිකයන්ගෙන් පමණක් බදු ගැනීමට උත්සහ කරන්නේ නම් බදුගෙවන්නේ කෙසේද යන ගැටලුව මතු වන බවත් ඇය පැවසුවාය.
මෙරට නිෂ්පාදකයන්ගේ භාණ්ඩ පාරිභෝගිකයන්ට අළෙවි කිරීම පිළිබඳව ගැටලුවක් පවතින බව ද ටානියා අබේසුන්දර මහත්මිය වැඩි දුරටත් කීවාය.
ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනාට හැමදාම ඕනේ වුනේ දේශීය නිෂ්පාදන නැතිකරලා ඉන්දියාව, චීනේ වගේ රටවලට එම අදායම් ලබාදෙන්න...
ලංකාවේ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ රනිල් වැඩ්ඩා... ඒක නිසා ආර්ථිකයේ මාස හතරකින් පහකින් ගොඩදාලා දෙයි කියලා. දැන් තමයි රටට පැහැදිලි වෙලා තියෙන්නේ රනිල් කියන්නේ මෙලෝ දෙයක් බැහැ කියලා. මෙයා කරන්නේ ආර්ථිකය තව තවත් විනාශ කරන එකයි. ලැබෙන සල්ලී වලින් ආතල් ගන්න එකයි විතරයි කියලා.
සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතිනවා... කන්න තියන කාලේ ඉල්ලුවේ "කන්න නැතත්, ඉන්න රටක් නේ."දැන් ඉතින් ආයේ අමුතුවෙන් කොත්තු කාලා වඳ වෙන්න ඕනෑ නැහැ.. කන්න නැතිව මන්ද පෝෂණයෙන් වඳ වෙන එක ස්වාභාවිකවම සිදුවෙනවා... කෝ අර කාලා තෙල වැඩිවෙලා තාප්ප වල චිත්‍ර ඇන්ද මෝඩ තරුණ රැල..? ඔවුන්ට රටේ ඉන්නත් වාසනාව නැති වුණා... ඒ කාලේ ඕනෑවට වඩා උඩ පනිද්දී මම මේ තීරුවේම ලිව්වා බිමට වැටී "චප්ප" වෙන බව... අමන පාලකයින්ගේ හා තක්කඩි පූජකයින්ගේ කෙබර අහලා "යක්ඛ පුත්තු " වෙන්න දඟලපු ඔබලාට දැන් නිසි ප්‍රතිඵලය ලැබී තිබෙනවා... ඕවා ගැන හිතන කොට මට නිකම් "කට්ටකින් අනිනවා" වගේ හැඟීමක් ඇතිවෙනවා. තිරිසන්නු නොවී මනුස්සයෝ වෙයල්ලා... එතකොට වගතුවක් වෙයි..
මේ තිරිසන් පාලකයින්ට ජනතාව කෙතරම් දුක් වින්දත් බදුගහන එකයි, ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණන් කන එකයි ඇරෙන්න රාජ්‍ය ආදායම වැඩි කරන්න කිසිම වැඩපිළිවෙලක් නෑ.. මේ රටේ මිනිසුන් තමන්ගේ දරුවන්ට හරි හමන් කෑම වේලක් දීගන්න, ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න, පාසල් යන දරුවාට පොත් ටික, ඇඳුම් පැලඳුම් ටික ගන්න බැරිව කෙතරම් දුක් විඳිනවාද? ඒත් මේ අමන පාලකයින් හැමදාම හිතුවේ බලය රැකගන්න එක විතරයි. රටක් දියුණු කරන්න බදු ආදයම විතරක් මදි... රටට අලුත් විදේශ ආයෝජන ගේන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ. ඒ වගේම රටේ අපනයන දිරිමත් කරන්නවත් කිසිම දෙයක් නොකර බදු ගහන එක විතරක් කරන මිලේච්ඡ ආන්ඩුවක්. මේ දේශපාලුවන් බොහෝමයක් වැඩිවියට පත්වෙනකම් දෙමව්පියන්ගෙන් යැපිලා, ඉන් පස්සේ දේශපාලනයෙන් ලැබෙන වරප්‍රසාද සහ අමතර ප්‍රතිලාභ මත යැපෙන හිඟන රැලක්, මහ පොළවේ යතාර්තය ගැන කිසිම අවබෝධයක් නෑ. මිනිසුන් ජීවත් වෙන්න කරන කැපකිරීම් ගැන කිසිම හැඟීමක් වත් නැති මෙවන් අමනයින්ගෙන් මීට වැඩිය දෙයක් මේ රටේ මිනිසුන්ට බලා පොරොත්තු වෙන්න බෑ...!
මේ වැට් බද්ද අයින් කරලා, නරකද ලැට් වලට යන උන්ට ලැට් බද්දක් ගැහුවොත්?
වැට් එක සියයට තුනකින් වැඩි වෙනකොට භාණ්ඩ මිල සියයට පනහකින් වැඩිවෙන හැටි පැහැදිලි කරල දෙනවනම් හොඳයි. ලංකාවේ SME ව්‍යාපාරිකයන් කියන්නේ මාෆියාකාරයෝ.
නිෂ්පාදන මිල වැඩිවෙනවා කියන්නෙ ලංකා නිෂ්පාදන 60% කින් අඩුවෙනවා කියලා තමයි දැනටමත් ඇගලුම් කම්හල් බොහොමයක් වැසීයාමට පටන්ගෙන තිබුනත් එමගින් ඇතිවන ආර්ථිකයේ කඩාවැටීම වෙනුවෙන් මොකුත්ම කරන බවක් පේන්නෙ නැහැ මෙමගින් රැකියා ප්‍රශ්නය ඉතාමත් උග්‍ර වෙනවා කියලා කියන්න අවශ්‍ය නැහැ අපි ආයෙමත් පොහොට්ටුව දිනවීමට සහාය සදහා 15 දින සමුලුව සදහා වැඩිවැඩියෙන් සහභාගිත්වය දක්වමු (රනිල් ජනාධිපති වුනත් මුදල් ඇමතිවරයා වුනත් අයවැය සම්මත කලේ පොහොට්ටුවො කියලා අමතක නොකරන්න )