IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


දේශීය ණය යෝජනාව සම්මතයි

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (1) පස්වරුවේ වැඩි ඡන්ද 60කින් සංශෝධන සහිතව සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 62ක් පමණි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය,දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් බහුතරයක් ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට විරුද්ධවය.

සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යෝජනාව පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කළේය. යෝජනාව පිළිබඳ විවාදය උදේ 9.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්විණ.

මේ අතර අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන් බවට චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධයක නිරතවීම හේතුවෙන් සභාවේ උණුසුම් තත්වයක්ද ඇතිවිය. එහෙත් ඒ උණුසුම මැද ඡන්ද විමසීම පැවැත්වීමට කතානායකවරයා කටයුතු කළේය.

 



අදහස් (1)

දේශීය ණය යෝජනාව සම්මතයි

siri Saturday, 01 July 2023 08:59 PM

මේ රටේ 134 දෙනෙකුගේ මනාපෙට රට විනාශ කරනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 595 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 748 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 313 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site