(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ  මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන බවයි.

මේ යෝජනාවට අපි කොහොමත් විරුද්ධයි යැයිද  ඔහු සඳහන් කළේය. මුදල් කමිටුවට  පනත් කෙටුම්පත ගැන වෙලාවට තොරතුරු එව්වනම් විශ්ලේෂණය කිරීමට හැකියාව තිබූ බවද  විපක්ෂනායකවරයා කීවේය

මෙම පනත් කෙටුම්පත අද පස්වරුවේ විවාදයට ගැනීමට නියමිතය.