
(අංජුල මහික වීරරත්න)
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් සේවය කළ ඩබ්ලිව්. ඒ. එස්. චන්ද්‍රසේකර මහත්මිය 2025-02-28 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත. ඒ අනුව, පුරප්පාඩු වී ඇති දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරියක වශයෙන් සේවය කරනු ලබන දේශීය ආදායම් සෙංශයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ආර්. පී. එච්. ප්‍රනාන්දු මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd