IMG-LOGO

දේශබන්ධු මාරු නොකළාට පොලිස්පතිට උත්තර දෙන්න වෙයි

(නිමන්ති රණසිංහ)

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට බාධා වන බව සඳහන් කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරු කර යවන ලෙසට නිතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදෙනු ලැබ තිබියදීත් එම උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වහාම අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පති සී. ඩී’. වික්‍රමරත්න මහතාට අද (25) නියම කළේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ සාක්ෂිකරුවන් එකී නිලධාරියා යටතේ සේවය කිරීම හේතුවෙන් ඔහු ස්ථාන මාරුකරන ලෙසට නිතිපතිවරයා ඉකුත් මැයි මස 23 වැනිදා ලබා දෙන ලද නිතිපති උපදෙස්වලින් පැහැදිලි වන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවදුරටත් එම තනතුරේ සිටීම මෙම විමර්ශනයට බාධාවක් බවට නිතිපතිවරයා පිළිගෙන ඇතැයි මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී සඳහන් කළේය.

එසේ නම්, නිතිපති උපදෙස් ප්‍රකාරව එකී නිලධාරියා මෙතෙක් ස්ථාන මාරුකිරීමක් සිදු නොකළේ මන්දැයි යන්න සම්බන්ධයෙන් වහාම අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කළේය.



අදහස් (1)

දේශබන්ධු මාරු නොකළාට පොලිස්පතිට උත්තර දෙන්න වෙයි

Prabha Wednesday, 25 May 2022 11:56 PM

අන්තිමට පොලිස්පති ඔක්කෝටම වැරැදිකරු වෙන හැඩයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site