(ඉන්දිකා රාමනායක)
ගාලුමුවදොර අරගලයට එල්ල වු ප්‍රහාරයේ දී බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් තමන් ඉටුකළ යුතු සියලු රාජකාරි හා වගකීම් නොපිරිහෙළා ඉටු කළ බවත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගේ නියෝග අනුව එදින කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වෙත ලිපියකින් දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධියට අදාල නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කැඳවු අවස්ථාවන් හිදී අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තමාට විරුද්ධව අසත්‍ය චෝදනා එල්ල කිරීම සහ එම සාවද්‍ය තොරතුරු වලට මාධ්‍ය මගින් පුළුල් විමර්ශනයක් ලබා දීම හේතුවෙන් වසර 24 ක පොලිස් සේවා කාලයක් හිමි තමන්ගේ කීර්තිනාමයට බලවත් හානියක් සිදුවී ඇති බවද දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සිය ලිපිය මගින් දැනුම් දී ඇත.
ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වෙත මෙම ලිපිය ඉදිරිපත් කර ඇති ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවත්, අධිකරණය මගින් තමන් ඇතුලු 22 දෙදෙනකු වෙත විදෙස් ගමන් තහනමක් ද සිදුකර ඇති බවද එම ලිපියේ සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාවෙත එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර එහිදී අනාවරණවන නිවැරදි තොරතුරු අනුව අධිකරණය වෙත තමන්ගේ නිර්දෝෂිභාවය වාර්තා කරනු ඇතැයි තමන් හුදෙක් අපේක්ෂා කරන බවත්, එම කරුණු සැලකිල්ලට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ශන අවසන් වනතෙක් 2022.05.30 දින සිට ඉදිරියට දින 14 ක කාලයක් තමන්ට පුද්ගලික නිවාඩු ලබා දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ලිපිය මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම කරුණු සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා ඒ මහතා වෙත දින 14 පුද්ගලික නිවාඩු අනුමත කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ පලමුවරට නි. පොලිස්පතිවරයෙක් ගුටිකාල දුවන වීඩියෝව දැකල රටේ නීතිය ගැන හරියට පිටරට මිනිස්සු කියපුව අහලා විලි ලැජ්ජාවේ බෑ..! නිට්ටඹුව සිද්දියෙන් පස්සෙ අද ලංකා පොලීසිය නිළ ඇඳුම ඇඳගෙනම වෙනදේ බලාගෙනම ඉන්නවා.. ඒවා ගාලුමුවදොර ඉදිරිපිට තියෙන හෝටල්වල ඉන්න විදේශිකයො විඩියො ' වට්සැප් ' කරලා එවනවා..!
හැබැයි ලංාවේ පොලිසිය නම් එහෙම නෑ. එඩිතර ගාම්බීර පොලිසියක් තමයි මෙහෙනම් තියෙන්නේ. ඕවා විදේශික කුමන්ත්‍රණ රැවටෙන්න එපා.
අනේ ඔව් මෙයා හරිම අහිංසක බබා.හරියට දහම් පාසලේ ළමයෙක් වගේ.මල් වට්ටියක් අතට දීලා පන්සල් යවන්න ප්ලීස්
මයිනා සහ ගොබ්බසේන ඉන්නකන් මෙයාට බයවෙන්න දෙයක් නැහැ.