
(මනෝප්‍රිය ගුණසේකර)
තමන් අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ගොනු කළ ‘රිට් පෙත්සම’ කරුණු තහවුරු කිරීම සඳහා 12 වැනි දා කැදවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.
සුදුවෑන් රථයකින් පැමිණී නාදුණන පිරසක් 2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ ‘ඩබ්ලිව් 15’ හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේදී වැලිගම පොලිසියේ නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයකු මියයෑමේ සිද්ධියට අදාළව පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයෙන් අනතුරුව මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුවට අනුව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමේ ආසන්න තත්ත්වයක් මතුවී ඇති හෙයින් එය වැළැක්වීම සඳහා කෙටි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කළ සැළකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය අදාළ නියෝගය නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවන වියදම ඉහළ යාම, ලෝක මට්ටමින් මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම, චිකාගෝ වර්ගයේ වෙඩි තැබීම් ඉහළයාම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා නාට්‍ය නිර්මාණය කර ඇත. පොලිස් දෙපාර්තමේන්තුවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ තනතුරුවලට වැරැදිකරුවන් පත් කිරීම නිසා අනෙක් අය සමඟ ඇති බව කියන ගැටළු විමර්ශනය කිරීමට මෙම පාලනයට සදාචාරාත්මක අයිතියක් නැත. රටේ ආර්ථිකය නංවාලීමට පාලන තන්ත්‍රය කිසිවක් නොකරන අතර පෙර පාලනය විසින් පත් කරන ලද නිලධාරීන්ට දඬුවම් කිරීම සහ පළිගැනීම සඳහා කාලය නාස්ති කරයි. පාලන තන්ත්‍රයේ මුළු උත්සාහයම මෙම සිදුවීම් සුදු හුණු ගෑමෙන් ඔවුන්ගේ නිරුවත වසා ගැනීමයි. රාජපක්ෂ හෝ රනිල් හෝ වෙනත් දේශපාලනඥයින් නොමැතිව, මෙම නිෂ්ඵල පාලනය කිසිඳු සංවර්ධනයක් නොමැතිව කාලය ගත කරයි. මහින්ද තම පාලනය යටතේ බොහෝ සංවර්ධනයක් කළේය. මෙම වැඩකට නැති දේශපාලනඥයින්ට විශාල ව්‍යාපෘති තබා සුළු දෙයක්වත් කළ නොහැකිය. අවසානයේ මේ දක්වා සොරුන් අල්ලාගෙන නැත. උගන්ඩාවේ මුදල් කොහේද?