(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය  ජනාධිපතිවරයා විසින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට  එවනු ලැබ ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරි දින කිහිපය තුළ රැස්වී  ඒ සම්බන්ධයෙන්  තීරණයක් ගැනීමට නියමිතය.

පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පසුගිය 24 වැනිදා විශ්‍රාම ලැබීය.

ඒ සිය සිවුවැනි  සේවා දිගුව අවසන් වීමෙන් පසුවය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබ ඇත්තේ මාස තුනක කාලයක් සදහාය.