
(මනෝප්‍රිය ගුණසේකර)
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමියන් ඇතුළු හිමිවරු තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනු කරනු ලැබුහ.
බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න, කොල්ලූපිටිය රාහුල සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරුන් මෙම අතරමැදි පෙත්සම් ගොනු කරනු ලැබුහ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලන නියෝගයන් ඉල්ලා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමෙන් පසු ජූලි 24 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ බවද අතරමැදි පෙත්සමේ සඳහන් වේ.
මෙම නියෝගය හේතුවෙන් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු මෙහෙයවීමට මැතිවරණ කොමිසම විසින් පොලිස්පතිවරයාට නියෝග ලබාදීමට හැකියාව නොමැති බවද සඳහන් කරන අතරමැදි පෙත්සම්කරුවෝ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ‘යුක්තිය’ නමින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා මෙහෙයුමක් ඉතා සාර්ථකව දියත් කළ බවත් ඔහු කාර්යක්ෂම පොලිස්පතිවරයකු බවත් වැඩිදුරටත් පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙල්ලන්විල කොහොමත් සීයට කඩේ යන කට්ටියනේ. බෞද්ධයනි , දානේ අරන් යන එකත් නවත්තන්න.
ඔබ වහන්සේලා පිරිත් කියනකොට පොලොස්පති මේසපන්දුට කියල සිද්ධාලේප උලා ගන්නටයි???
චීවරය සහ ලෝගුව රාජ්‍ය පාලනයෙන් ඉවත්ව යාම ඔවුන්ට රටට කලහැකි ලොකුම සේවය.
රටේ ප්‍රගමනයට මැදිහත් වීමට තවත් ඕනෑ තරම් දේවල් තිබියදී ඔය දේශපාලන අත පෙවීම් වලට මැදිහත් නොවී,ඔබ වහන්සේලාගේ ගරැත්වය ආරක්ෂා කර ගන්න.
ඔන්න කඩේ යන සෙට් එක එළි බැහැලා , පසුගිය මැතිවරණ එක්ක බලනකොට මේ මැතිවරණය මේ දක්වා සැහෙන්න සාමකාමී මන් හිතන්නේ එකට ඔය නඩු තීන්දුව සැහෙන්න බලපාලා තියනවා
හැම දේකටම හාමුදුරුවරු මැදිහත්වෙන්න ගත්තාම හැමදේම අවුල් වෙනවා . මෙම නඩුව උසාවිය විසින් බලාගනීවි . පොලිස්පති නැති වුණාට ඉතිරි අය පොලිසියේ කටයුතු බලාගනීවි . පොලිස්පතිලා කීදෙනෙක් මේ වනවිට විශ්‍රාම ගිහින් තියෙනවද ? එහෙම කියල පොලිසිය බිඳ වැටුනේ නැහැනේ
අපේ හාමුදුරුවනේ නරකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කරපු විදිහට අලුත් පොලිස්පති කෙනෙක් පත් කරන්ඩ කියල රනිල් මහත්තයට ලියමනක් යැව්වනන්. මොකෝ බන්දු විතරක්මයෑ පොලිසියටම ඉන්නේ නේද? අලුත් පොලිස්පතිට කියමු මත් උවදුර හරියටම තුරන් කරන්ඩ කියලා. බන්දු කරා වගේ නාට්‍ය පෙන්නන්නේ නැතුව.