
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට අද(8) ඉදිරිපත් කෙරේ.
මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ත්‍රිපුද්ගල කමිටුවට අගවිනිසුරු විසින් පත් කෙරෙන විනිශ්චයකාරවරයෙක්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගේ එකඟත්වයෙන් පත්කෙරෙන වෘත්තිකයෙක් ඇතුළත් වෙති. දෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ එම කමිටුවේ වාර්තාව කතානායකවරයාට පිළිගැන්වීමෙන් අනතුරුවය.
පාර්ලිමේන්තුව අද හෙට සහ අනිද්දා රැස්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති සේවයෙන් පහ කරමු.