
(සුජිත් හේවාජුලිගේ)
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරින් නෙරපීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු අවස්ථාවේදී එම නිර්දේශයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී දැඩිව හඬ නැගුවේද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරු වෙති.
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපන යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බවයි.
පොලිස්පතිවරයා පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පක්ෂයට කිසිදු පැහැදීමක් නැතැයිද ඔවුහු සඳහන් කළහ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරින් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය ලබන මස 5 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
යෝජනාව පිළිබඳ විවාදයෙන් පසු ඡන්ද විමසීම පැවැත්වේ.
මෙම යෝජනාව සම්මත වීමට නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සියලු මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක්( 113ක්) ඡන්දය ප්‍රකාශ කළ යුතුවේ.
යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපා හැරෙනු ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දු වැඩ කළේ කවුරුන් වෙනුවෙනේ ද කියලා බොහෝම පැහැදිලියි.
නැතිනම් පොහොට්ටුවේ වුවමනාවටනේ රනිල් එදා පත්කළේ...
මෙයා වරදක් කරපු නිසානේ කලින්ම හැන්ගිලා හිටියත් ඒ හැන්ගිලා හිටියේත් නාකි මයිනා දැනුවත්ව බන්කරයක දැන් මෙයාව නෙරපනවාට පොහොට්ටුව විරුද්ධ වෙන අහන්න දෙයක්ද? මෙයා විතරක් නෙමේ. නාකි මයිනගේ. බලය තියෙනකොට. සේරම රජයේ උසස් නිලධාරින්ට කියලා. අසරණ, උගත් කට්ටියව... මෙවැනි අයට කියලා මැරුවා. නාකිමයිනා තමයි. රටට පාතාලයත් පුරුදු කරලා ගෙනාවේ මයිනගේ පැටවුණුත්... මිනීමරුවෝ වෙන රටක නම් මේ පරම්පරාවම එල්ලලා මරලා භාගයක්ම... මේර්ස්ට හදලා දියුණු කරන්නම්... පසුගිය කාලයේ හොරුන්, මිනීමරුවන්... පවුල් පිටින් හිර බත් කන්න අරින්න ඕනෑ. බොරුවට අල්ලලා පොඩි මුදලක් තියලා නිදහස් කරනවා. මේකෙන් තවත් හොරු වැඩිවෙනවා. මේ කට්ටියගේ. හොරාකාපු දේවල් රාජ සන්‍තක කෙරුවාද?
පොහොට්ටුවේ, නෙරපීමට විරුද්ධව ඡන්දෙ දෙන එකෙක් හෝ ඇත්නම්, ඌ එසේ කළ යුත්තේ නිර්වස්ත්‍රයෙනි.
හොරු හොරා සමඟ හෙලුවෙන්.
දේශබන්දු එළවන්න ගොඩක් වියදම් කළේ පාතාලයෝ. තව ටික කලකින් ඒක ඔප්පු වේවි බල පෙරලියකට පසුව. දැන් ඉතින් මට බැණපල්ලා වහලෙක් කියලා. මම කියන්නේ සී අයි ඒ වාර්තා අනුව...
පොහොට්ටුවේ ඉන්නේ හොර රැල තමයි රට කන්නේ.
පොහොට්ටුව විරුද්ධ මොකද කියලා ඕනම මොට්ටයෙකුට වැටහෙනවා.