
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා බොහෝ වීට අනිද්දා (06) අධීකරණය වෙත බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.?
කෙසේ වෙතත් ඔහු ඊයේ (03) දින මාතර කොටවිල පිහිටි ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වනු ඇතැයි සිතා මාධ්‍යවේදීන් එම අවස්ථාව ආවරණය කිරීමට උදෑසන සිට අධිකරණය ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසලට වී සිටියේය.
එහෙත් සවස් වන තෙක්ම එවැනි සිදුවීමක් වාර්තා නොවීය.
හිටපු පොලිස්පතිවරයා අධීකරණයට බාර විය හැකි බවට බොහෝ දෙනකු අපේක්ෂා කර සිටියේය.
එහෙත් වැලිගම මූලස්ථාන පොලීසියේ නඩු දිනය ලබන බ්‍රහස්පතින්දා වන නිසාවෙන් ඔහු මෝසමක් මගින් එදින අධිකරණයට බාර වනු ඇති බවට සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාගේ අම්මා හෝ තාත්තව අත්අඩංගුවට ගත්තෙ නැතෙයි.
අපිටත් අත්අඩංගුවට ගන්න කියලා කිව්වාම නැකතක් එහෙම බලලා මේ වගේ බාර වෙන්න බැරිද?
මූට මහා කාඩ පෙනුමක් තියෙන්නේ.
මදාවියෙක් වැදගත් තැනකට පත් වුව හොත් එම මදාවියා වැදගත් වෙන්නේ නෑ
බාලගිරි දෝෂය හෙට නෙවේ අදයි.
කලින් ඉදලම නඩු වැටිලා තිබ්බ සමහර නඩු වල වරදිකරයෙක් උණු කෙනෙක් ව තමයි මිනිසුන්ගෙන් පලිගන්න රනිල් තමන්ගේ පොලිස්පති කරගත්තේ
නීතීය සියල්ලට උඩින්.නීතිය සැමට සමානයි..මේ වගේ තව ඒවා තියෙනව ද?
රටේ වැදගත් නිලයක් දරපු කෙනෙක්. ගෞරවය රැකීම කාගේත් වගකීමක්. වැරදි නිවැරදි බව තීරණය කිරීම නීතියේ වගකීමක්...
නැකත හදලා දීල තියෙන්නෙ සුමනදාස ගුරුන්නාන්සේ.
ඔහු පොලිසියට බාර වෙන්න බය ඇති.... ඉතින් මෙහෙම වුණාම හිතන්න සාමාන්‍ය ජනතාවට කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ....
ඥානා අක්කාගෙන් වේලාවක් අරන් ඒ අනුව බාර වෙනවාද දන්නේ නෑ?
හිටපු පොලිස්පති මෙහෙම් අධිකරණය මඟ අරිනවා නම් සිවිල් වැසියන් ගැන මොන කතාද?.
රොහාන් ප්‍රේමරත්න හිටියානම් මුව අත්අඩංගුවට අරගෙන
ලෝක ඉතිහාසයේම වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් (රාජකාරියේ යෙදීම අධිකරණයෙන් වාරණය කළ ද තවමත් නිල වශයෙන් දේශබන්දු පොලිස්පති වේ. ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පති පමණි) තම පොලිසියෙන්ම බේරීමට පොලිස් ඇසට වැලි ගසමින් පාතාල නායකයෙකු මෙන් සැඟවී ගොසිනි.
පොලිසියට එක නීතියක් රටේ අනිත් පුරවැසියන්ට තවත් නීතියක් ක්‍රියාත්මක වෙන්න බැහැ, ඒ නිසා හොයා ගන්න බැරි නම් අනිද්දාට උසාවිය ළඟදී හෝ මෙයාව අත් අඩංගුවට ගන්න වර්තමාන වැඩ බලන පොලිස්පති කටයුතු කළ යුතුයි.
රජකම් කළත් කළ කම් පලදේ... ආණ්ඩු පත්වෙනවා පැරදිලා යනවා... ඒ වුණාට මහජන මුදලින් වැටුප් ගන්න නිලධාරින් මහජනයාට වගවිය යුතුයි....
අරගල කළ ගිනිකෙළි සංදර්ශන දාපු සහ මීනිමරපු පක්ෂේ උන් හිරබාරයට ගන්නේ නැතැයි
ආහ් මේත් අර පළපුරුදු සෙට් එක පත් කරපු පරිණත පොලිස්පති නේ
හමුදාවට කියන්නකෝ මේ මිනීමැරුම් සැකකරුවා අල්ලන් එන්න කියලා… පැය බාගෙන් කුදලන් එයි. ඡන්දේ දුන්නු අපිවද මේ මඩවන්නේ?
සිවුර හැරලා ඇවිත් කරගත්තු දෙයක්. එහෙත් නෑ. මෙහෙත් නෑ.. සොරි තමයි.
මූණෙම තියෙනවා නරක ගතිගුණ.