IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


දේශපාලන-ව්‍යාපාරික හිඟ විදුලි ගාස්තු කෝටි 200ක් බොල්වෙලා

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය නොගවූ විදුලි බිල්පත්වල රුපියල් කෝටි 200 ක් බොල්ණය ලෙස කපාහැර ඇති බවත් මණ්ඩලය අයකරගත යුතු බිල්පත් ගාස්තු රුපියල් කෝටි 400 ක් බවත් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති එකමුතුවේ ලේකම්, ඒ. ජී. යූ. නිශාන්ත මහතා අද (7) පැවසීය.

විදුලිබල මණ්ඩලය පාඩු ලබන තත්වයක් තිබියදී පසුගිය 4 වැනිදා පැවැති 75 වැනි නිදහස් සමරු උත්සවය සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 21 ක් හෙවත් රුපියල් කෝටි 2 කට අධික මුදලක් වෙන්කර ඇති බව කී නිශාන්ත මහතා බොල්ණය ලෙස කපාහැරි ගාස්තුවලින් වැඩි ප්‍රමාණයක් දේශපාලඥායන්ගේ සහ කූට ව්‍යාපාරිකයන්ගේ හිඟ විදුලිගාස්තු බව ද සඳහන් කළේය.

2021 සහ 2022 වසරවල විදුලි ගාස්තු හිඟ මුදල් මාස 6 ක් තුළ නොගෙවූයේ නම් මනු තලවාගෙන ආයුතු වුවද එය දේශපාලඥායන් සහ කූට ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන බව කී ඒ මහතා දුප්පත් ජනතාව විදුලි බිල නොගෙවුවහොත් විදුලි සැපයුම විසන්ධි කරන බවත් සඳහන් කළේය.

විදුලි ගාස්තු නොගෙවන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවන් සතුව තිබුණ ද ඔවුන් නීතියට අනුව කටයුතු නොකිරීම ගැටලුවට හේතුව බව කී හෙතෙම සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වයස මත උසස්වීම් දීම පරිපාලන ගැටලුවක් බවට පත්ව ඇති බවත්ය.  

විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති එකතුව වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන බදු ක්‍රමයට, රාජ්‍ය මර්දනයට සහ විදුලිබල මණ්ඩලයේ අකාර්යක්‍ෂම පාලනයට විරුද්ධ බවත් මෙම අවස්ථාවේ උසස් පෙළ දරුවන්ගේ ආනාගතය පිළිබඳව අවධානය යොමු කර වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවූවද අද සහ හෙට (8 සහ 9) සෙසු වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන විරෝධතාවලට සහයෝගය දක්වන බවත් නිශාන්ත මහතා කීය.

රට වර්තමානයේ මුහුණ දී තිබෙන අවාසනාවන්ත තත්වයෙන් ගොඩගැනීමට නම් විවිධ පුද්ගලයන්ගේ අදහස් අනුව කටයුතු කිරීම වෙනුවට ගැටලුවලට විසඳුම් දියයුතුව ඇති බව කී ඒ. ජී. යූ. නිශාන්ත මහතා පැවසුවේ විදුලි ඒකක 300 ට වැඩියෙන් පාවිච්චි කරන පුද්ගලයන්ගේ ගාස්තු ඉහළ දමා අඩු පරිභෝජනය ඇති පුද්ගලයන්ට සහන දීමේ විදුලි ගාස්තු ක්‍රමයක් ඇති කළ යුතු බවත්ය.

කොළඹදී අද (7) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති එකමුතුවේ ලේකම්, ඒ. ජී. යූ. නිශාන්ත මහතා එසේ පැවසීය.

එහිදී ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති එකමුතුවේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ දේශපාලකයන්, කූට ව්‍යාපාරිකයන්, අවස්ථාවාදී වෘත්තිකයන් සහ වංක නිලධාරීන් එකතුව ලංකා විදුලිබල මණ්ඩලය විනාශ කර ඇති බවත් එම මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට නම් සැබෑ ප්‍රතිව්‍යූහගතකරණයට ලක්කළ යුතු බවත්ය.

ලංකා විදුලිබල මණ්ඩල කාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ ලේකම් නලීන් පටබැදි මහතා පැවසුවේ දේශපාලඥායන්ගෙන් සහ කූට ව්‍යාපාරිකයන්ගෙන් හිඟ ගාස්තු අයකරගැනීමට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කළ යුතු බවත් එසේ කළ හොත් ජල සම්පාදන මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, වරාය ආදි සමගාමී ආයතනවල සේවකයන්ට ගෙවා ඇති ප්‍රසාද දීමනා සහ වෛද්‍ය දීමනා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ලබාගැනීමේ හැකියාව ලැබෙන බවත්ය.  

ලංකා විදුලිබල මණ්ඩල කාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සංස්කාරක නන්දන උදයකුමාර මහතා පැවසුවේ විදුලිබල මණ්ඩලය ගොඩගැනීමට එහි සභාපතිවරයාට සහ විදුලිබල ඇමතිවරයාට යෝජනා 14 කින් යුත් සංදේශයක් භාර දෙන බවත් එයට ද ඇහුම්කන් නොදෙන්නේනම් බරපතල වෘත්තිය ක්‍රියාමාර්ගයකට යෑමට වුවද සූදානම් බවත්ය.    



අදහස් (4)

දේශපාලන-ව්‍යාපාරික හිඟ විදුලි ගාස්තු කෝටි 200ක් බොල්වෙලා

Dex Tuesday, 07 February 2023 03:52 PM

උන් නොගෙවුව කියල අපිට කියන්ඩ ඒපා. ඒක කියන්ඩ ඔයාලගේ නීති අංශයට නීති ක්‍රයාමාර්ග ගන්ඩ.

:       0       0

sharm warn Tuesday, 07 February 2023 04:13 PM

කාංචනට කොන්ද පණ නෑ. මේ බොල් වෙච්චි ඒවා අදාළ හොරුන්ගෙන් අයකරගන්න. හැමදාම බිල ගෙවපු අපිව හූරගෙන කන්න විතරයි මොලේ පහළ වෙන්නේ. තාත්තගේ පුතා කියලා ඡන්දෙ දුන්නු අය අත උස්සලා බලන්න...

:       0       0

මහසෙන් Tuesday, 07 February 2023 05:02 PM

ඕක ඉතින් හැමදාම ගහන තැටියනේ.බොල් ණය වලට අච්චර කපලා.නොගෙවා තියෙන.ගාන මෙච්චර යි .ඔක්කොම.කියෝනවා විතරයි.පුලුවන් නම් නම් ගම් එක්ක ගණන් හිලව් දානවලකෝ බලන්න රට්ටුන්ට.දායි කියලා තමා.බය.

:       0       0

නැයකයාට වැඳ වැටීම අපේ සංස්කෟතිය ද? Wednesday, 08 February 2023 08:36 AM

ලෝකයේ නොයෙක් දේශවලට විමුක්තිය සහ සංවර්ධනය ට මග පෙන්වූ දේශපාලනය ලංකාවට පමණක් සාපයක් බවට පත්වුයේ මොන හේතුවට ද? අප තුළ තිබෙන කුලභේදය පදනම් කර ගත් වහල් මානසික තත්වය හේතුවෙන් ද? ඒසේ නොවේ නම් දුප්පත්කම නිසා ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 607 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site