(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව  චීන මහජන සමූහාණ්ඩුව සහාය දෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවද චීන ජනාධිපතිවරයා කීය.

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (20) පෙරවරුවේ චීන මහජන මහ ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහද කථාබහකින් අනතුරුව රාජ්‍ය නායකයෝ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක් වූහ.